Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (20) ආරම්භ වූ පළමු ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව මිශ්‍ර සහාය දිවීමේ (මිටර් 400x4) ඉසව්වෙන් දෙවැනි ස්ථානයට පත් වෙමින් එහි රිදී පදක්කම දිනා ගත්තේය.
එහිදී රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 තත්පර 17.00 ක කාලයක් වාර්තා කරන අතර ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 3 තත්පර 14.12 කටය.
විනාඩි 3 තත්පර 18.45 කට මෙහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ වියට්නාමය විසිනි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව 2023 ජූලි මාසයේදී මෙම ධාවන පඨයේදීම පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මෙම සහාය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේ විනාඩි 3 තත්පර 15.41 කටය.
එහිදිත් ඉන්දියාව රන් පදක්කම දිනා ගත් අතර ඒ විනාඩි 3 තත්පර 14.70 කටය. ආසියානු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට ආසියානු රන් පදක්කම්ලාභීණී තරුෂි දිල්සරා කරුණාරත්න ඇතුළත් වූවාය. එහෙත් මෙම තරග සංචාරයෙන් ඇය අවසන්මොහොතේ ඉවත් වූවාය.
ආසියානු සහය දිවීමේ තරගාවලිය අදත් බැංකොක් නුවරදී පැවැත්වෙන අතර ඒ සදහා පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් හතරක් තරග වදිති.
ඒ මිටර් 100x4 හා මිටර් 400x4 සහාය දිවීමේ ඉසව් වෙතිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.