Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපසභාපති ඉම්රාන් ක්වාජා මහතා සමග සාකච්ඡාවට එක්ව සිටි අයුරු.
(නාමල් පතිරගේ)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති මාලාවට ගරු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින්නා සේ ශ්‍රී ලංකාවේ නීතියට ගරු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවද වගබලා ගත යුතු බව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින දේශපාලන බලපෑම් සොයා බැලීම සඳහා පැමිණ සිටින අන්තර් ක්‍රිකට් සභාවේ උපසභාපති ඉම්රාන් කාවාජා මහතාට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසීය. කවාජා මහතා සමග ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එසේ පවසා තිබේ.
1. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ක්‍රීඩා ඇමැතිවරයා මුණ ගැසුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා රටේ ජනතාවට වගකීමට බැඳී සිටින තමාට රටේ සියලු ක්‍රිකට් පාර්ශවයන් එකඟවිය හැකි නිවැරදි තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් එම සාකච්ඡාවේදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙන්වා දී තිබේ. තමන්ට නිල දැනුම්දීමක් නොකර දිවයිනට පැමිණ සිටියත් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිත පිරිස පිළිගනිමින් ඒ සඳහා වේලාවක් තමා ලබා දුන්නේත් එම සභාවට කෙරෙන ගරු කිරීම නිසා බවත් එහිදී ප්‍රකාශ කර තිබේ.
පසුගිය මාර්තු 29 වැනිදා යොමු කළ ලිපියකට පිළිතුරු ලෙස අප්‍රේල් 11වැනිදා තමාට අන්තර්ජාතික ක්‍රිකට් සභාව යොමුකළ ලිපියේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන අර්බුදය රට තුළ පැන නැගී තිබෙන අභ්‍යන්තර ගැටළුවක් පමණක් වන බවත් ඒ සඳහා මේ මොහොතේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවත්ය.
එසේ තිබියදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තමාට දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය බවත් දෙපාර්ශවය අතර සාකච්ඡාවේදී ඇමති රොෂාන් රණසිංහ මහතා ඉම්රාන් ක්වාජා මහතාට දන්වා තිබේ.
ඉදිරියේදීත් නිවැරදි තීරණ හා සැළසුම් ක්‍රියාත්මක කරමින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමේ වගකීමට තමා ශ්‍රී ලංකාවේ සියළුම ක්‍රිකට් පාර්ශව සමග එක්ව කටයුතු කරන බවත් ඇමැතිවරයා දූත පිරිසට පැවසීය.
මෙම සාකච්ඡාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමනාකරු අම්මාර් ෂෙයික්, හිටපු ටෙස්ට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශකවරයෙකු වන නීතිඥ පණ්ඩුක තිරනිනන්ද යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.