Last Update  :  2025-03-09 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - ඉන්දීය - දකුණු අප්‍රිකානු තුන්කොන් තරගාවලියක්
කාන්තා ක්‍රිකට්

ශ්‍රී ලංකා - ඉන්දීය - දකුණු අප්‍රිකානු තුන්කොන් තරගාවලියක්

editorial - 2025 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)
 
ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මෙම තරගාවලිය අප්‍රේල් මස 27 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 
 
කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියානු කාන්තාවෝ 03 වැනි ස්ථානයේත් දකුණු අප්‍රිකානු කාන්තාවෝ 04 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කාන්තාවෝ 07 වැනි ස්ථානයේත් සිටිති. එබැවින් මෙම තුන්කොන් තරගාවලිය වඩාත් උණුසුම් මුහුණුවරක් ගන්නා අතරම තමන්ගේ ශ්‍රේණිගත ස්ථානයෙන් ඉහළට යාමට ශ්‍රී ලංකා කාන්තාවන්ටත් හොඳ අවස්ථාවක් සපයනු ඇත. 
 
සෑම කණ්ඩායමක්ම සිය ප්‍රතිවාදීන් සමගින් තරග දෙකකට බැගින් සහභාගි වේ. මූලික වටයේ තරග 6 ක් පැවැත්වේ. අවසන් මහ තරගය, ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර, මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිතය. 
 
 
තුන්කොන් තරගාවලියේ කාල සටහන  
 
අප්‍රේල් 27 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
අප්‍රේල් 29 - ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 01 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 04 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
මැයි 06 - දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර
මැයි 08 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 11 - අවසන් මහ තරගය
 

අදහස් (0)

ශ්‍රී ලංකා - ඉන්දීය - දකුණු අප්‍රිකානු තුන්කොන් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.