Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් තරගය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් තරගය හෙට ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එකම යොවුන් ටෙස්ට් තරගය හෙට (10 වැනිදා) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි. මෙම තරගය තෙදින තරගයක් ලෙස පැවැත්වේ.

එහිදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජයට හිමිව තිබේ.

පසුගියදා පැවැති එක්දින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව ප්‍රවීන් නිමේෂ්, අවිෂ්ක තරිඳු, කවිෂ්ක ලක්ෂාන්, නවෝද් පරණවිතාන සහ රවීන් ද සිල්වා යන ක්‍රීඩකයන්ට මෙම තරගයේදී සිය ස්ථාන අහිමිවී ඇත. ඔවුන් වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත්, තාරක මෙන්ඩිස්, රුවින් පිරීස්, චිහාන් කළිඳු සහ පවන් රත්නායක යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා යොවුන් සංචිතයට කැඳවා සිටිති.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, සොනාල් දිනූෂ, අෂියන් ඩැනියල්, රොහාන් සංජය, දිලුම් සුදීර, විජයකාන්ත් වියස්කාන්ත්, තාරක මෙන්ඩිස්, චමිඳු විජේසිංහ, රුවින් පිරීස්, චිහාන් කළිඳු, තවීෂ අභිෂේක්, දිල්ෂාන් මධුෂංක, මොහොමඞ් ශමාෂ් සහ පවන් රත්නායක

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා යොවුන් ටෙස්ට් තරගය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.