Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී කඩුලු 18 ක් ලබා සිටියේය.
ඒ අනුව ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 417 ක් පසුපසින් සිටින අතර දෙවැනි දිනය නිමාවට පත්වන විට ඉසනුල්ලා ජානට් නොදැවී ලකුණු 11 ක්ද, ඉම්රාන් මිර් නොදැවී ලකුණු 7 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ සොනාල් දිනූෂ හතරේ පහර 16 ක් සමග ලකුණු 145 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු ළහිරු උදාර (65), විෂාද් රණ්දික (63) සහ වනුජ සහන් (75) අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දිනූෂට අනගි සහායක් ලබාදුන්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සියාවුර් රෙහමන් ලකුණු 127 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - සියලු දෙනා දැවී 435
(ඕෂද ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, සියාවුර් රෙහමන් 127/6, නවීඞ් සද්රාන් 94/2)
ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල - කඩුල්ලක් දැවී 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.