Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමට 30 ක්
ලෝක කුසලාන ක්‍රිකට් 2023

ශ්‍රී ලංකා කණ්ඩායමට 30 ක්

editorial - 2023 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලිය සඳහා යන 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේසන් මහතා තහවුරු කරයි. කණ්ඩායමේ නම් ලයිස්තුවට ක්‍රීඩකයෝ 15 ක්, සූදානමින් සිටින ක්‍රීඩකයෝ දෙදෙනෙක් සහ සහායක නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වෙති. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) රාත්‍රියේ ඉන්දියාව බලා පියාසර කිරීමට නියමිතය. 

සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද බව කියැවෙන නමුත්, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වරයාගේ  අත්සනින් සහ නිල මුද්‍රාවෙන් යුතු ලිපිය නිකුත් කළ නිශ්චිත දිනයක් සටහන්ව නැත. එහෙත් සැප්තැම්බර් මස 22 දාතමින් යුතුව, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ නිර්දේශ සලකා බැලීමෙන් පසුව, කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී ඇතැයි එහි සටහන් වී තිබේ. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගෙන දින කිහිපයක්ම ගතවූවත්, විවිධ කරුණු කාරණා පසුබිම් කරගනිමින් ඒ සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය  නිකුත් කිරීම ප්‍රමාද කෙරිණ. 

පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටි වනිඳු හසරංග සහ ආබාධ වලින් පසුව සුවය ලබමින් සිටින තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන මහීෂ් තීක්‍ෂණ හා ඩිල්ෂාන් මධුශංක යන තිදෙනාම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත්වීමේ කොන්දේසිය මතය. යම් හෙයකින් ඔවුනට කණ්ඩායමට එක්විය නොහැකි වුවහොත්, ඒ සඳහා ඇතුළත් කිරීමට දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන්නකු මෙන්ම පසුපෙළ පිතිකරුවකු ද වන චාමික කරුණාරත්න සූදානමින් තබා ඇත. 
මාස එක හමාරක පමණ කාලයක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් මෙම සංචිතයට ඇතුළත් නොවන නමුත් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුම සූදානමින් තබාගෙන සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. 

ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පවා තරගාවලිය අතර මැදදී වෙනස්වීමේ සම්භාවිතාවක් ද නැතුවාම නොවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම 
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න

සහාය නිලධාරී කණ්ඩායම
මහින් හලංගොඩ (කළමණාකරු), ක්‍රිස් සිල්වර්වුඩ් (පුහුණුකරු), මහේල ජයවර්ධන (පුහුණු උපදේශක), නවීඩ් නවාස් (සහාය පුහුණුකරු), පියල් විජේතුංග (දඟ පන්දු යැවීමේ පුහුණුකරු), දර්ශන ගමගේ (වේග පන්දු යැවීමේ පුහුණුකරු), ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමේ පුහුණුකරු), ග්‍රාන්ට් ලුඩන් (අභ්‍යාසක), ක්‍රිස් ක්ලාක් අයන්ස් (භෞත චිකිත්සක), ශිරන්ත නිරෝෂන (විශ්ලේෂක), රොහාන් ප්‍රියදර්ශන (සම්භාහක), වෛද්‍ය පී. කිරිඇල්ල (වෛද්‍යවරයා) සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (තේරීම් කමිටු නිලධාරි)

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.