Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා ඉසව් 15 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 165 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කරන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 114 දෙනකු හා පුහුණුකරුවන්ද ඇතුළත්ව පරිවාර නිලධාරින් 51 දෙනකුගෙන් සමන්විතය.
රට තුළ දැන් පවතින දුෂ්කරතා හමුවේ ‘බර්මින්හැම්’ තරග සංචාරයට සහභාගිවන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම අඩු කිරීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව උනන්දු වී සිටි බව මේ අතර වාර්තා විය.
රාජ්‍යයන් හා ජාතීන් 72ක සහභාගිත්වයෙන් ‘බර්මින්හැම්’ නුවරදී මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වන සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගණන 5050 දෙනකු වන බවද වාර්තාවේ.
ශ්‍රී ලංකා සමස්ත කණ්ඩායම් ගුවන් ප්‍රවේශපත්‍ර වියදම පමණක් අවම වශයෙන් රුපියල් කෝටි අටකට ආසන්න වේ. ක්‍රීඩා උළෙලට නිලවශයෙන් සහභාගිවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා නිලධාරින් එංගලන්තයේ බර්මින්හැම් නුවර රැඳී සිටීමේ සෙසු සියළු වියදම් දරන්නේ තරග සංවිධායකයන් වෙතිනි. මෙවර ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම්හි නේවාසික පහසුකම් ‘බර්මින්හැම්’ නුවර පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාල කීපයක සපයා ඇතැයිද වාර්තාවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා රුපියල් මිලියන 22ක් ලබාදෙන බව ප්‍රකාශ විය.
මේ අතර දැන ගන්නට ලැබෙන පුවතක් වන්නේ බර්මින්හැම් නුවරට ළඟාවන ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් විශ්‍රාමලත් යුද හමුදා නිලධාරියකුගේ මෙහෙයවීම යටතේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන තිබෙන බවයි. එය ශ්‍රී ලංකා කණ්ඩායම් ‘බර්මින්හැම්’ නුවර ගත කරන මුළු කාලය පුරා ක්‍රියාත්මක කෙරේ. එහි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‘බර්මින්හැම්’ නුවරදී අතුරුදන් වන තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට මුහුණදීම සඳහාය.
රටේ දැන් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ එවැනි තත්ත්වයක් බැහැර කර දමා සිටිය නොහැකි බව ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන ජාතික ඔලිම්පික් කමිටුවේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අදහස වී තිබේ.
ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඩ්බෝල්) සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දම්සක් ප්‍රනාන්දු මහතා සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහුට සහය පිණිස කණ්ඩායම් ප්‍රධාන කළමනාකරුවන් දෙදෙනකු ද පත්කර තිබේ. ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ හා එහි උපලේකම්වරයකු වන චන්දන ලියනගේ යන මහත්වරුන්ය.
ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 25 වැනිදා සිට බර්මින්හැම් නුවර බලා ගමන් ආරම්භ කරයි. සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම වෙන් කරවා ගත් ගුවන් යානයකින් බර්මින්හැම් නුවරට රැගෙන යාමට දැරූ උත්සාහය මේ වනවිට අතහැර දමා තිබේ. ඒ අනුව තරග ඉසව් අවසන් වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත ශ්‍රී ලංකාවට පෙරළා පැමිණෙන බව ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු ක්‍රීඩා උළෙලට සමගාමීව ‘බර්මින්හැම්’ නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ මහ සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.
වත්මන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි නොවණු ඇතැයිද වාර්තාවේ. කෙසේ වුවත් නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරයේ කටයුතු කරමින් සිටියදී ඊට සහභාගිවන බවට දැනුම්දී තිබුණු බවද වාර්තාවේ.
ඒ හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන්ද බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංචාරයෙන් මේ වනවිට ඉවත්වීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.