Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (19 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. දකුණු ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය හෙට (20) සිට 22 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියේදී වයස 18 න් පහළ, 15 න් පහළ සහ 12 න් පහළ යන වයස් කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 8 දෙනා ඊට සහභාගි වෙති. එහිදී වයස 18 න් පහළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා බැගින්ද, වයස 15 න් පහළ ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින්ද, වයස 12 න් පහළ ඉසව් සඳහා එක් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බැගින්ද තරග වැදීමට නියමිතය.
කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ වයස 18 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එහි නායිකාව ලෙසත් කටයුතු කරති. හංසනී දකුණු ආසියානු මේසපන්දු තරගාවලියකට සහභාගි වන 9 වැනි අවස්ථාව මෙය වන අතර නිමේෂ් ඊට සහභාගි වන 5 වැනි අවස්ථාව මෙයයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුෂ වරුසවිතාන වයස 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.
සම්පත් කුමාර සහ බුද්ධික දික්කුඹුර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර රහල් අබේරත්න මහතා කළමණාකරු ලෙසත්, දිලීමා උඩගෙදර මෙනවිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති.
ශ්‍රී ලංකාව ඇතුළුව සත්කාරක මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙති. මෙම තරගාවලියේදී පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන අගෝස්තු මස මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමි වනු ඇත.
ඉකුත් වසරේ (2017) ශ්‍රී ලංකාවේදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වයස 18 න් පහළ බාලක
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල), චන්දූප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල) සහ ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වයස 18 න් පහළ බාලිකා
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඩී.එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
වයස 15 න් පහළ බාලක
හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), චනුල දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)
වයස 15 න් පහළ බාලිකා
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල), සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) සහ කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වයස 12 න් පහළ බාලක
ඔෂාන් සෙනරත්ආරච්චි (කෙළඹ රාජකීය)
වයස 12 න් පහළ බාලිකා
නවිඳි සෙනෙවිරත්න (කෑගලු බාලිකා විද්‍යාලය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.