Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
ගාල්ල ක්‍රීඩාංගණයේ පළමු වැනි හෝරාව කොහොමටත් පිතිකරුවන්ට තීරණාත්මක කාල පරිච්ඡේදයකි. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අදත් (16 වැනිදා) තත්ත්වය එයම විය. තරගය ආරම්භ වී විනාඩි 25 කින් දැවැන්ත වර්ෂාවක් ඇතිවූ නමුත්, වැස්සෙන් පස්සේ පැයක කාලයක් තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4 කට 54 ක් විය.
එවන් අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගත් ඇන්ජලෝ මැතිව්ස් (64) සහ ධනංජය ද සිල්වා (නොදැවී 89) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 131 ක සම්බන්ධතාවක් ගොඩනංවමින්, පාකිස්තානුවන් අත්කරගෙන තිබූ තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙනැවිත් දුන්හ. තේ පානයට පන්දු කිහිපයක් තිබියදී මැතිව්ස් දැවී ගිය නමුත්, ධනංජය සහ සධීර සමරවික්‍රම දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව 242 දක්වා ඉදිරියට ගෙන ගිය බැවින් දිනය නිමාවේදී හිස් කෙළින් තබාගත හැකි ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක්ව තිබිණ.
දිනයේ නිමාව ආසන්න වෙමින් තිබියදී, පස්වරු 4.40 ට පමණ නැවත වරක් ධාරාණිපාත වර්ෂාවක් ක්‍රීඩාංගණයට කඩා වැදිණ. එම වර්ෂාවෙන් අහිමි වූ ඕවර සංඛ්‍යාව 34.2 කි. එහෙත් පස්වරු 5.50 ට නැවත වරක් ක්‍රීඩාංගණය සූදානම් කරගත් විනිසුරුවරු, ඕවර 7.2 ක් ක්‍රීඩාව පවත්වා, දිනයේ වගකීම නිමා කළද පන්දු දෙකක් ඉතිරිව තිබියදී සධීර සමරවික්‍රම දැවී ගියේය.
දිනය නිමා වන විට නොදැවී ලකුණු 94 ක් ලබා සිටි ධනංජය ද සිල්වාගේ ඉනිම හතරේ පහර 10 කින් සහ මන නන්දනීය හයේ පහර තුනකින් සමන්විත වී තිබිණ. අබ්රාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ඉන්සයිඩ් - අවුට් පහරකින් පන්දුව හතරේ සීමාවට බොහෝ ඉහළින් යැවූ ධනංජය, සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේත් නවුමන් අලීගේ හිසට ඉහළින් ගැසූ තවත් හයේ පහරකිනි.
වසර හයක කාලයක් තිස්සේ කණ්ඩායමට එමින් - යමින් සිටි සධීර සමරවික්‍රම, මේ වසර මුලදී පැවැති එංගලන්ත ලයන්ස් පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී වඩාත් ස්ථාවර පිතිකරුවකු ලෙසින් තමන්ගේ තත්ත්වය තහවුරු කළේය. ඉන් පසුව ලැබුණු ටෙස්ට් තරගයේදී අයර්ලන්තයට එරෙහිව ශතකයක් (නොදැවී 104) ලබාගත් සධීර තමන්ගේ පිතිහරඹ රටාව වඩාත් යෝග්‍ය වන්නේ කඩුලු රකින්නාගේ භූමිකාව දරන්නාට බවත් කදිමට සනාථ කර සිටියේය.
අද දිනයේත් ඉතාමත් වගකීම් සහගත පිතිහරඹයක යෙදී සිටි සධීර දැවී ගියේ ක්‍රිකට් පිටියේ කළාතුරෙකින් දැකගත හැකි, අති විශිෂ්ට ගනයේ උඩපන්දුවකිනි. මැද ඉන්න එල්ලයේ පතිත වූ පන්දුව, සධීරගේ පිත්තේ වැදී ලෙග් ස්ලිප් වෙතට ඇදී යද්දී ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හි සිටි ඉමාම් උල් හක් ඒ වෙත පියාඹා යමින් උඩපන්දුව රැකගත්තේය.
කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. නායක කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක ඉනිම ආරම්භ කළද පළමු හෝරාව පාකිස්තානු පන්දු යවන්නන්ගේ අණසක යටතේ පැවතිණ.
හරියටම අවුරුද්දකට ඉහතදී, මෙම ක්‍රීඩාංගණයේදීම තම 100 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ශහීන් ෂා අෆ්රීඩි, දෙවැනි නව පන්දුව ලබාගැනීමට ඕවර කිහිපයක් තිබියදී පාදවේ වළලුකර උලුක් කරගත්තේය. එතැන් සිට තවත් වසරක් බලා සිටි අෆ්රීඩිට, අද දවසේ සිය අපේක්ෂිත කඩුල්ල දවාගැනීමට අවශ්‍ය වූයේ ඕවර 1.2 ක් හෙවත් පන්දු 8 ක් යැවීම පමණි.
අෆ්රීඩිගේ පන්දුවක් හමුවේ බැක් කට් පහරක් ගැසීමට උත්සාහ කළ නිශාන් මධුෂ්ක කඩුලු රකින්නාට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ අෆ්රීඩිගේ 100 වැනි කඩුල්ල ඔහුට තිළිණ කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.