Last Update  :  2025-01-22 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්
බාලිකා ලෝක කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

editorial - 2025 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන බාලිකා ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ පළමු තරගයේදීම මැලේසියානු බාලිකා කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා බාලිකාවෝ ලකුණු 139 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. අද (19 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ‘ඒ’ කණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය අත්කරගත් ශ්‍රී ලංකා බාලිකාවෝ ූ6.950 ක විශාල ශුද්ධ ලකුණු වේගයක් ද හිමිකර ගත්හ. 

බටහිර ඉන්දීය බාලිකාවන් කඩුලු 9 කින් පරාජය කරමින්, ූ8.646 ක ශුද්ධ ලකුණු වේගයක් හිමිකරගත් ඉන්දීය බාලිකාවෝ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. 

කාසියේ වාසිය අහිමි වූ බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවිය. 

ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිහරඹයකට වන් සංජනා කාවින්දි, හතරේ පහර 6 ක් ද සහිතව පන්දු 13 කින් ලකුණු 30 ක් ලබාගත්තාය. සිව්වැනි ඕවරයේදීම ලකුණු 40 සීමාව පසුකරමින්, සංජනා ලබාගත් ආරම්භය, ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමේ සෙසු පිතිකාරිණියන්ට කදිම වේදිකාවක් විය. 

අංක 3 පිතිකාරිණි දැහැමි සෙනෙත්මා ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම දමාගනිද්දී නායිකා මනුදි නානායක්කාර (14), හිරුණි හංසිකා (28) සහ ශෂිනි ගිම්හානි (13) එක්ව වේගයෙන් ලකුණු ලබාගත්හ. හතරේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කළ දැහැමි සෙනෙත්මා පන්දු 52 කින් ලකුණු 55 ක් ලබාගනිද්දී මනුදි, හිරුණි සහ ශෂිනි එක්ව පන්දු 44 කින් ලකුණු 55 ක් ලබාගත්හ. 

මැලේසියානු බාලිකාවන්ගේ මංගල ලෝක කුසලාන තරගය වූ අද තරගයේදී සත්කාරකයන්ගේ  එකම ක්‍රීඩිකාවකට හෝ ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි විය. ඔව්හු සියලු දෙනාම ඕවර 14.1 ක් ඇතුළතදී ලකුණු 23 කට දැවී ගියේ වමතින් දඟ පන්දු යවන චමෝදි ප්‍රබෝදා (05/3) සහ දකුණතින් පා දඟ පන්දු යවන්නී ලිමන්සා තිලකරත්න (03/2) හමුවේ මහත් අසරණ වෙමිනි. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.