Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් විය. මින් පෙර පස්වරක් (2004, 2005, 2006, 2008 සහ 2022) ආසියානු කුසාලාන ක්‍රිකට් තරගාවලීන්හි අනු ශූරතාවට හිමිකම් කියා සිටි ශ්‍රී ලංකා කාන්තා පිල එහි ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 5 ක් අවශ්‍ය වී තිබූ මොහොතේදී පූජා වස්ත්‍රකාර් යැවූ 19 වැනි ඕවරයේ සිවුවැනි පන්දුව ලෝන් ඕන් කලාපයට ඉහළින් ගුවන්ගත කළ කවීෂා දිල්හාරි, හයේ පහරකින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළාය.
කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් හඹාගොස් ජයගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය.
විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 69 ක් රැස්කළ හර්ෂිතා සමරවික්‍රම අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩාකාව ලෙස සම්මාන දිනාගත්තාය. තරග 5 කදී 304 ක් රැස්කරමින් සහ කඩුලු 3 ක් දවාගනිමින් තරගාවලිය පුරා කැපී පෙනුණ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
මුලු ලකුණු සංඛ්‍යාව 7 ක් වන විට ආරම්භක පිතිකාරිණී විෂ්මි ගුණරත්න දුවද්දී දැවී යෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියාය. එතැන් පටන් චමරි අතපත්තු (61) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හර්ෂිතා, ඉන් නොනැවතී කවීෂා දිල්හාරි (නොදැවී 30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.
පා ඉන්නට පිටතින් පතිත වූ දීප්ති ශර්මාගේ පන්දුවක් චමරිගේ කඩුල්ල බිඳ දැමීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. ඒ වන විට පන්දු 43 කට මුහුණදී සිටි චමරි, හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සරසා තිබූ අතර එය මෙම තරගාවලියේදී ඇය පිට පිටම ලබාගත් දෙවැනි අර්ධ ශතකයද විය. පන්දු 16 කදී වාර්තා වූ කවීෂාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තේය. ඉන්දීය කාන්තා ඉනිමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකාරිණී ස්මි්‍රති මන්දනා පන්දු 47 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 60 ක් රැස්කළාය. ලකුණු 10 ක් ලබා සිටියදී කවීෂා දිල්හාරිගේ පන්දුවක් හමුවේ මන්දනා ලබාදුන් උඩ පන්දුවක් හර්ෂිතා අතින් ගිළියෑමත් සමග ඇයට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමි විය.
ෂෙෆාල් වෙර්මා (16) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මන්දනා, ඉන් නොනැවතී ජෙමීමා රෙඩි්‍රගස් (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.
පන්දු 16 කදී වාර්තා වූ ජෙමීමාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 14 කට මුහුණදුන් රීචා ඝෝෂ් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 30 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 160 සීමාවෙන් ඔබ්බට ගෙන ගියාය. එහිදී කවීෂා දිල්හාරි ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.
පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩ කළ ඉන්දීය කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තෙරව මෙම තරගයටද ක්‍රීඩා කළ අතර දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කළේය. එහිදී අචිනි කුලසූරිය වෙනුවට සචිනි නිසංසලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කැඳවා සිටියාය.
ඉන්දීය කාන්තා පිල
ෂෙෆාලි වෙර්මා - ක.මු. කළා ප.කවීෂා 16
ස්මි්‍රති මන්දනා - ඇ.චමරි ප.කවීෂා 60
උමා චෙටි්‍ර - ක.මු. කළා ප.චමරි 9
හර්මන්ප්‍රීත් කෞර් - ඇ.නිලක්ෂි ප.සචිනි 11
ජෙමීමා රොඩි්‍රගස් - දුවද්දී දැවී ගියා 29
රිචා ඝෝෂ් - ඇ.අනුෂ්කා ප.උදේෂිකා 30
පූජා වස්ත්‍රකාර් - නොදැවී 5
රාධා යාදව් - නොදැවී 1
අතිරේක 4
එකතුව ඕවර 20 කදී කඩුලු 6 කට 165
පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :
දීප්ති ශර්මා,තනූජා කන්වර් සහ රේනුකා සිං
කඩුලු වැටීම :
1-44(ශෙෆාලි), 2-58(උමා), 3-87(හර්මන්ප්‍රීත්), 4-128(ජෙමීමා), 5-133(ස්මි්‍රති), 6-164(රීචා)
පන්දු යැවීම :
ඉනෝෂි ප්‍රියදර්ෂනී 4-0-31-0, උදේෂිකා ප්‍රබෝධනී 3-0-27-1, සුගන්දිකා කුමාරි 4-0-23-0, කවීෂා දිල්හාරි 4-0-36-2, සචිනි නිසංසලා 2-0-20-1, චමරි අතපත්තු 3-0-28-1
ශ්‍රී ලංකා කාන්තා පිල
විෂ්මි ගුණරත්න - දුවද්දී දැවී ගියා 1
චමරි අතපත්තු - ප.දීප්ති 61
හර්ෂිතා සමරවික්‍රම - නොදැවී 69
කවීෂා දිල්හාරි - නොදැවී 30
අතිරේක 6
එකතුව ඕවර 18.4 කදී කඩුලු 2 කට 167
පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :
නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ෂනී, උදේෂිකා ප්‍රබෝධනී සහ සචිනි නිසංසලා
කඩුලු වැටීම :
1-07(විෂ්මි), 2-94(චමරි)
පන්දු යැවීම :
රේනුකා සිං 3-0-23-0, ජූජා වස්ත්‍රකාර් 3.4-0-29-0, දීප්ති ශර්මා 4-0-30-1, තනූජා කන්වර් 4-0-34-0, රාධා යාදව් 4-0-47-0
Senarath Monday, 29 July 2024 01:22 PM
ඇත්තටම හරිම සතුටුයි. ඉතාම හොඳ තරගයක් දීලා ලබපු ජයග්‍රහණයක්. ඔවුන් සියලුම දෙනාටම අපේ උණුසුම් සුබපැතුම්...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.