Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. හර්ෂිතා මාධවී පන්දු 42 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 29 ක්ද, කවීෂා දිල්හාරි පන්දු 18 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
නායකත්වයේ පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 27 කින් ලකුණු 33 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවාය. ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 න් 2 කටම හිමිකම් කීමට ෆහීමා ඛාතුන් සමත් වූවාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 100 ක් පමණි. ඉනෝකා රණවීර, කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි සහ උදේෂිකා ප්‍රබෝදනී එහිදී කඩුලු 2 බැගින් බිඳහෙළුහ.
බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 100
(ශමීමා සුල්තානා 18, රුබ්යා හයිඩර් 16, සෝභනා මොස්ටරි 18, ඉනෝකා රණවීර 09/2, කවීෂා දිල්හාරි 13/2, සුගන්දිකා කුමාරි 14/2, උදේෂිකා ප්‍රබෝදනී 21/2)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 18.3 කදී කඩුලු 3 ක් දැවී 101
(චමරි අතපත්තු 33, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 29, කවීෂා දිල්හාරි නොදැවී 20, ෆහීමා ඛාතූන් 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.