Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දකුණු ආසියානු පැසිපන්දු සංගමයේ සංවිධානයෙන් මාලදිවයිනේදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවලියේ මූලික වටයේ තරගයකදී භූතානයට එරෙහිව ලකුණු 98-33 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මාලේ නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවැනි තරගය මෙය වූ අතර එහිදී පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 39-17 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානයට වඩා ඉදිරියෙන් පසුවූහ.
තරගාවලියේ පළමු තරගයේදී තියුණු සටනකින් අනතුරුව ලකුණු 51-47 ක් ලෙස නේපාලය පරාජය කිරීමට සත්කාරක මාලදිවයින සමත් විය. එහි තෙවැනි තරගය අද රාත්‍රීයේ (27 වැනිදා) ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබිණ.
මාලදිවයින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය සහ මාලදිවයින් පැසිපන්දු සංගමයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය සහභාගි වී සිටිති
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.