Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයට යති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයට යති

editorial - 2024 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23 වැනිදා) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය. 

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සන්කුයික් සමාගම කටයුතු කරන අතර කණ්ඩායමේ නිල ඇඳුම් සහකරුවා ලෙස මූස් ක්ලෝතින් සමාගම කටයුතු කරයි. 

වත්මන් ආසියානු ශූරියන් ලෙස මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව ජය ලබමිනි. 

ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙනු ඇත. මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 3 ක් සාජා ක්‍රීඩාංගණයේදීද, එක් තරගයක් ඩුබායි ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. 

හිටපු ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාව සමගින් ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වේ. මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පළමු කණ්ඩායම් 2 අතරට පිවිසීමට සමත්වුව හොත් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා වනු ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.