Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 68 ක පහසු ජයක් වාර්තා කරමිනි.
ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඕස්ටේ්රලියාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්ථානය සමගින් ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්හ. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 63 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 102 ක් රැස්කළ අතර එය ඇගේ දෙවැනි විස්සයි-20 ශතකය බවටද පත්විය.
ලකුණු 55 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී නිලක්ෂි ද සිල්වා (නොදැවී 26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 106 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි. එහිදී උදේෂිකා ප්‍රබෝධනී නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.