Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ගම්පොළ - සුරංග රාජනායක)
(ශ්‍රී ලංකා ජුඩෝ සංගමය විසින් දිගින් දිගටම කරන වංචා දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජූඩෝ ක්‍රීඩාව පිරිහීමට ලක්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩාව සුරැකීමේ එකමුතුව නම් සංවිධානයක් ගම්පොළදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.
මෙම සංවිධානයේ කැඳවුම්කාර, ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ හිටපු පුහුණුකරුවකු මෙන්ම ජාතික මට්ටමේ විනිසුරුවරයකු ද වන ඩබ්ලිව්. තුසිත ප්‍රනාන්දු මහතා කීවේ ජාත්‍යන්තර ජුඩෝ සංගමයෙන් ශ්‍රී ලංකා ජුඩෝ සංගමයට ලැබුණු රුපියල් මිලියන 10 ක මුදල ‘‘ජූඩෝ මූලස්ථාන ගොඩනැගිල්ල හදන්න“ යයි කියමින් සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනකු විසින් කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමන්ගේ හිතවකුට දී තිබෙන බවයි.
“මේ මුදල් ලැබුණේ ජුඩෝ ක්‍රීඩාවේ උන්නතිය සඳහායි. ඒත් ඒවා අවභාවිතා වෙනවා“ යයි ද තුසිත ප්‍රනාන්දු මහතා කීවේය.
තුසිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
ශ්‍රී ලංකාවේ සිටින ජූඩෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් වැඩි ප්‍රමාණයක් දුප්පත් අය. හොඳ ඇඳුමක් රුපියල් 40,000 සිට රුපියල් 60,000 ක් අතර වෙනවා. ඉතින් ඒ අයට ජූඩෝ ක්‍රීඩා ඇඳුම් ගන්න බෑ. මෙහෙම අවස්ථාවක ජාත්‍යන්තර ජුඩෝ සංගමය මගින් අවස්ථා දෙකකදී අපට ඇඳුම් කට්ටල ලබා දුන්නා.
මුලින්ම ඇඳුම් කට්ටල 150 ක් ලබා දුන්නා. නමුත් හිටපු නිලධාරීන් ඒ ඇ ඳුම් වලින් කොටසක් ළමයින්ට විකුණලා සල්ලි ගත්තා. ඒ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ. ඒ වගේම ඉතිරි ඇඳුම් වලට වෙච්ච දේකුත් නෑ. මේ පිළිබඳ අද වන තුරු නිසි පරීක්ෂණකුත් නෑ.
නැවතත් ජාත්‍යන්තර ජූඩෝ සංගමයෙන් ශ්‍රී ලංකා ජුඩෝ සංගමයට ඇදුම් කට්ටල 450 ක් ලැබිලා තියෙනවා. නමුත් මෙම සභාපතිවරයාත් ලෑස්ති වෙන්නේ මේ ඇඳුම් ටිකත් ළමයින්ට විකුණන්න. ඒ එකක් රුපියල් 20,000 සිට රුපියල් 40,000 දක්වා වූ මුදලකට.
පසුගිය මාර්තු මාසයේදී ජුඩෝ ඔස්ට්‍රියාවේ පැවැති තරගාවලියක් සඳහා ආරාධනාවක් ලැබුණා. මේ තරගාවලියට සහභාගි වූ රාජිත පුෂ්පකුමාරගේගේ පුහුණුකරු ලෙස සංගමයේ උප භාණ්ඩාගාරිකවරියගේ සැමියා යවන්න අනුමත කරලා. මේ භාණ්ඩාගාරිකවරියගේ ඉල්ලීමකට. මෙතන තියෙන්නේ වෙන කතාවක්. විශේෂත්වය තමයි මෙම පුද්ගලයා ජුඩෝ කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති අයෙක් වීම.
ඇමරිකාව ඇතුළු රටවලින් ජූඩෝ තරගාවලි සඳහා ක්‍රීඩකයන් සහභාගි කරවන්න කියලා ලිපි ආවම ලේකම්වරයාගේ හා අනු කමිටු සාමාජිකයන්ගේ අනුදැනිමකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත හිතවතුන්ගේ නම් යොදා අනුමැතියට ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ අකටයුතු දූෂණ වංචා දිගින් දිගටම ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ ආකාරයට සිදුවෙනවා.
ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ වැදගත් තනතුරු තමයි ජාතික පුහුණුකරු හා තේරීම් කමිටු සභාපති කියන ඒවා. මේ තනතුරු දෙක තෝරා පත් කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය තුල විධිමත් ක්‍රියා පටිපාටියක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකා ජූඩෝ සංගමය ඒ නිවැරදි ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව, තමන්ට හිතවත් නුසුදුසු පුද්ගලයන් ඒ සඳහා තෝරා පත් කරගෙන තියෙනවා.
“ජූඩෝ සංගමයේ වර්තමාන සභාපතිවරයාගේ සහෝදරයා තමයි තේරීම් කමිටු සභාපති ධුරයට පත් කරගෙන තියෙන්නේ. මේ තුළින් සිදු වන්නේ ජූඩෝ ක්‍රීඩාවට හා දක්ෂයන්ට අගතියක් මිස ක්‍රීඩාවේ උන්නතියක් නොවේ. මෙවැනි විශාල ආක්‍රමිකතා රැසක් සිදුවෙලා තියෙනවා අපි ඉල්ලා සිටින්නේ මේවා පිළිබඳව විධිමත් සොයා බැලීමක් හා පරීක්ෂණයක් කරන්න කියලයි“ යයි ද තුසිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම චෝදනා සම්බන්ධයෙන් ජුඩෝ සංගමයේ සභාපති මංජුල වීරසිංහ මහතාගෙන් විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. එසේම මෙම පරිත්‍යාග ලෙස ලැබුණු ජුඩෝ ඇඳුම් සඳහා රේගුවට මුදලක් ගෙවීමට සිදුවන හෙයින් එම මුදල් පියවා ගැනීමට මෙම ඇඳුම් විකිණීමට තීරණය කල බව ද ඔහු පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.