Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා නායකත්වයට විමත් දින්සර
යොවුන් එක්දින තරගාවලිය

ශ්‍රී ලංකා නායකත්වයට විමත් දින්සර

editorial - 2025 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා යොවුන් (19 න් පහළ) කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 6 කින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට පැවරී තිබේ.

එක්දින සීමිත ඕවර තරග 6 කින් සමන්විත තරගාවලිය 26 වැනිදා කොළඹ සී.සී.සී. පිටියේදී ආරම්භ වෙයි. තරග සියල්ලම කොළඹදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කිරීමට පෙර මේ මස 24 වැනිදා කෝල්ට්ස් පිටියේදී පෙරහුරු තරගයක් පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් සංචිතයට කොළඹ රාජකීය විද්‍යාලයෙන්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රීඩකයෝ දෙදෙනෙක් බැගින් ඇතුළත්ව සිටිති. ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට යාපනය හාට්ලි විද්‍යාලයේ විග්නේශ්වරන් ආකශ් සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ කුගදාස් මාතුලන් ද ඇතුළත්ව සිටිති.

 

ශ්‍රී ලංකා යොවුන් සංචිතය :

විමත් දින්සර (නායකයා - රාජකීය විද්‍යාලය, කොළඹ, දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය, කොළඹ), දීමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), විරාන් චමුදිත (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය), කවිජ ගමගේ (කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය, කොළඹ), රමිරු පෙරේරා (කොළඹ රාජකීය විද්‍යාලය), ඇඩම් හිල්මි (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), දිනුර දම්සිත් (ගුරුකුල විද්‍යාලය, කැලණිය), චාමික හීනටිගල (මහානාම විද්‍යාලය, කොළඹ), රසිත් නිම්සර (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල), කුගදාස් මාතුලන් (ශාන්ත ජෝන් විද්‍යාලය, යාපනය), විග්නේෂ්වරන් ආකාෂ් (හාට්ලි විද්‍යාලය, යාපනය), තරුෂ නවෝද්‍ය (සහිරා විද්‍යාලය, කොළඹ) සහ සනුජ නිඳුවර (ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල)

 

තරග කාලසටහන :
අප්‍රේල් 24 - පෙරහුරු තරගය කෝල්ට්ස් පිටියේදී
අප්‍රේල් 26 - 1 වැනි යොවුන් එක්දින තරගය සීසීසී පිටියේදී
අප්‍රේල් 28 - 2 වැනි යොවුන් එක්දින තරගය සීසීසී පිටියේදී
අප්‍රේල් 30 - 3 වැනි යොවුන් එක්දින තරගය කෝල්ට්ස් පිටියේදී
මැයි 3 - 4 වැනි යොවුන් එක්දින තරගය සීසීසී පිටියේදී
මැයි 5 - 5 වැනි යොවුන් එක්දින තරගය එස්එස්සී පිටියේදී
මැයි 8 - 6 වැනි යොවුන් එක්දින තරගය කෝල්ට්ස් පිටියේදී


අදහස් (0)

ශ්‍රී ලංකා නායකත්වයට විමත් දින්සර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.