Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි

ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි

Nisanka Sandeepani - 2017 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන 3x3 පැසිපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේදී සහභාගි වූ සියලුම තරග පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. 

‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී යුක්රේනය හමුවේ ලකුණු 22-9 ක් ලෙසද, ඇස්ටෝනියාව හමුවේ ලකුණු 21-2 ක් ලෙසද, කටාර් රාජ්‍යය හමුවේ ලකුණු 20-4 ක් ලෙසද, පෝලන්තය හමුවේ ලකුණු 22-10 ක් ලෙසද පරාජයට පත් විය. 

මෙම තරගාවලියේදී ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ රටවල් 20 ක් තරග වැදුණ අතර එක් එක් කාණ්ඩ වලින් ඉහළම දස්කම් දක්වන රටවල් 2 බැගින් අර්ධ අවසන් අවසන් පූර්ව වටයට තෝරා ගැණින. එහිදී ශ්‍රී ලංකාව තරග වැදුණ ‘සී’ කාණ්ඩයෙන් අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ යුක්රේනය සහ කටාර් රාජ්‍යයයි. 

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තිමෝති නිතුෂාන්, සුදේෂ් පායිවා, ඉසුරු පෙරේරා සහ රොෂාන් සූරියාරච්චි යන ක්‍රීඩකයෝ ඇතුළත් වූහ. 

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහ තරගය අද (21 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 

ලෝක 3x3 පැසිපන්දු තරගාවලියේ උණුසුම් අවස්ථා ...

ඡායාරූප - ලෝක පැසිපන්දු සම්මේලනයේ අනුග්‍රහණයෙනි.


අදහස් (0)

ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.