Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිලේ සිහිනය බිඳවැටෙයි

ශ්‍රී ලංකා පිලේ සිහිනය බිඳවැටෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි දිනය වන අද (24 වැනිදා) පැවැති කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදි හොං කොං පිල විසින් ශ්‍රී ලංකා කණ්ඩායම 31 - 12 ක් ලෙසින් පරාජය කරන ලදි. මෙම පරාජය නිසා කුසලාන වටයේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ ශ්‍රී ලංකා සිහිනය බිඳ වැටිණි. 

සෙනසුරාදා පැවැති මූලික වටයේ තරගවලදී ප්‍රබල හොංකොං පිල සත්කාරක දකුණු කොරියාව හමුවේ අනපේක්ෂිත අයුරින් පරාජයට පත්වීම නිසා අර්ධ අවසන් පූර්ව තරගයේදීත් එවැනි පරාජයක් හොංකොං පිලට අත්කරදීමේ අදිටනින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේය.

එහෙත් ශ්‍රී ලංකා පිලට තරගය පුරාම රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි. 

උත්සාහක දිනුම් 5 ක්ම තැබූ හොංකොං පිල ඉන් 3 ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කරගත්තේය. කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක නිරතවූ හොංකොං පිලේ ජෝන් නෙවිල් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබීමට සමත්විය. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක සුදර්ශන මුතුතන්ත්‍රී සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් තැබූ අතර චානක චන්දිමාල් ඉන් එක් දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව පළඟ ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දුවී සිටි.

එහිදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ කුසලානය සඳහා වන අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරගයකින් ජපානය හමුවේ ලකුණු 34-5 කින් පරාජයට පත්වූ පිලිපීන කණ්ඩායමයි. 

කුසලාන තරගාවලියේ සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී චීන තායිපේ පිල ලකුණු 52-7 කින් පරාජය කිරිමට සත්කාරක දකුණු කොරියාව සමත්වූ අතර චීනය විසින් ලකුණු 36-10 කින් මැලේසියාව පරාජය කරන ලදි. 

සාමාන්‍යයෙන් ආසියානු සත් සාමාජික රග්බි පිටියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේදී මුණගැසෙන ජපානය සහ හොංකොං කණ්ඩායම් මෙවර තරගාවලියේදී වේලාසනින්ම මුණගැසෙන්නේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේදීය.

අනික් අවසන් පූර්ව තරගය චීනය හා දකුණු කොරියාව අතර පැවැත්වෙයි. 

පළඟ ශූරතා පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැත්වෙයි. එහි අනෙක් අවසන් පූර්ව තරගය චීන තායිපේ සහ මැලේසියාව අතර පැවැත්වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ සිහිනය බිඳවැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.