Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)
ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 131 ක ඉලක්කයක් කරා යමින් සිටින පාකිස්තානු කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (19 වැනිදා) සවස ක්‍රීඩාව අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටියේය. තරගය ජයගැනීම සඳහා පාකිස්තානුවන්ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 83 ක් පමණක් වන අතර ඒ වෙනුවෙන් හෙට දවස සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සටන අතහැර නැත. ඕවුන් පාකිස්තානු දෙවැනි ඉනිමේ ඕවර 13 කදී කඩුලු 3 ක් දවාගත් අතර ප්‍රභාත් ජයසූරිය ඒවායින් දෙකකට හිමිකම් කීවේය. සිදුවූ අවාසිය නම්, මෙවන් අවස්ථාවකදී අතිශය ප්‍රයෝජනවත් විය හැකි විතීවි අවස්ථා දෙකක්ම අහිමිව යාමයි.
පෙරවරුවේදී නිශාන් මධුෂ්ක අගනා අර්ධ ශතකයක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියද, ඇතැම් අවස්ථවලදී ඔහු අවදානම් පහර කරා යනු දක්නා ලදි. ලකුණු 18 ක් ලබා සිටියදී කුසල් දැවී ගිය බවට විනිසුරු ඇලෙක්ස් වෝෆ් දුන් තීන්දුව විමසීමට යාමේදී ශ්‍රී ලංකා පිල සතුව ඇති විතීවි අවස්ථාවක් ද අහිමි විය.
මුල් ඉනිමේදීත් ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා දෙවනි ඉනිමේදීත් අතිශය ධෛර්ය සම්පන්න පිතිහරඹයක නිරත වෙමින් ලබාගත් ලකුණු 82 ත්, රමේෂ් මෙන්ඩිස්ගේ සටන්කාමී ඉනිමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 කට වඩා වැඩි වාසියක් ලබාගත හැකිවිය.
දෙවැනි නව පන්දුව ලබාගන්නා අවස්ථාවේදී 7 වැනි කඩුල්ලත් බිඳ වැටී තිබිණ.
ධනංජයගේ අරමුණ වූයේ ප්‍රභාත් ජයසූරිය ආවරණය කරගනිමින් ලකුණු ලබාගැනීමයි. නව පන්දුව අතට ගත් ශහීන් ෂා අෆ්රිඩිට පිට පිටම අලංකාර හතරේ පහර දෙකකින් සංග්‍රහ කළ නමුත් ධනංජය ඊළඟ පන්දුවේදී කඩුලු රකින්නාට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ශ්‍රී ලංකා ඉනිම එතැනින් එහාට ගියේ ලකුණු 10 කින් පමණි.
පැය තුනකටත් වැඩි කාලයක් පිටියේ රැඳුණු ධනංජය පන්දු 118 කට මුහුණ දෙමින් අලංකාර හතරේ පහර 10 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කළේය.
මුල් ඉනිමේ අවාසිය මඟහරවා ගැනීමත් සමගින් දිනේෂ් චන්දිමාල් දැවී යාම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු කඩවීමක් විය. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීත සටනක නිරත වූ ධනංජය ද සිල්වා (82) සහ රමේෂ් මෙන්ඩිස් (42) දෙදෙනා පැය එක හමාරකදී, හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කළහ.
වඩාත් කණගාටුදාවක යථාර්ථය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 10 දෙනාම අද දිනය තුළදී දැවී යාමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.