Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ආක්‍රමණශීලි පන්දු යැවීමක

ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ආක්‍රමණශීලි පන්දු යැවීමක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පස්වැනි දිනයේ (18 වැනිදා) දිවා ආහාරය සඳහා නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කයක් හඹායමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය.

ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුලු 7 ක් ඇතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 241 ක් පසුපසින් සිටියේය. දිවා ආහාරය සඳහා නතර කරන විට ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වෙයිට් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 32 ක් ලබා සිටි අතර කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ ෂේන් ඩොව්රිච් ලකුණු ලබා ලබාගැනීම ආරම්භ කර නොතිබිණ.  

දෙවැනි ඉනිමේදී තමා යැවූ දෙවැනි ඕවරයේදීම ඩෙවෝන් ස්මිත් සහ කිරන් පවෙල් පිටියෙන් ඉවත් කළ කසුන් රාජිත, කොදෙව් කණ්ඩායම අසරණ තත්වයකට ඇද දැමුවේය. පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව තෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වාගේ දෑත් අතර සිරවීමත් සමග ස්මිත්ගේ ඉනිම නිමා වූ අතර පන්දු 2 කට පමණක් මුහුණදුන් පවෙල් දැවී ගියේ ස්කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි මහේල් උඩවත්ත අතට ඉතා පහසු උඩපන්දුවක් දෙමිනි.

පැයට කිලෝ මීටර් 148 ක වේගයකින් පැමිණි ළහිරු කුමාරගේ පන්දුවක් මඟහැරීමට ගත් උත්සාහයක් වැරදී එය පපු ප්‍රදේශයේ වැදීම හේතුවෙන් කෙටි වේලාවක් ක්‍රීඩාංගණය මත වැතිරී ඊට ප්‍රතිකාරගත් ෂායි හෝප්, නැවත පන්දුවට පහරදීමෙන් වැළකී කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සමග ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේය.
ෂායි හෝප්ගේ නික්ම යෑමෙන් පසුව පිටියට පිවිසි රොස්ටන් චේස්ට (13) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් විය.

සිවුවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 334 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.  අද දිනයේදී යැවූ පළමු ඕවරයේදීම සුරංග ලක්මාල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ශැනෝන් ගේබ්‍රියෙල්, තෙවැනි ඕවරයේදී අකිල ධනංජයගේ කඩුල්ල බිඳ දමමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 342 කට සීමා කළේය.

එම කඩුලු දෙකත් සමග ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී බිඳවැටුණු කඩුලු 10 න් 8 කටම හිමිකම් කීමට ගේබි්‍රයෙල් සමත් වූ අතර තරගය පුරා ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාවද 13 ක් දක්වා ඉහළ ගියේය. මේ දක්වා ටෙස්ට් තරග 34 කට ක්‍රීඩා කර ඇති ගේබ්‍රියෙල්ගේ ඉනිමක හොඳම පන්දු යැවීම මෙන්ම තරගයක හොඳම පන්දු යැවීම ලෙසද එය සටහන් විය.

 

ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
කුසල් පෙරේරා  - ඇ. හෝල්ඩර් ප. රෝච් 32
මහේල උඩවත්ත  - ඇ.හෝල්ඩර් ප. ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ප. ගේබ්‍රියෙල් 12
කුසල් මෙන්ඩිස්  - ඇ.ඩව්රිච් ප.හෝල්ඩර් 45
දිනේෂ් චන්දිමාල්  - නොදැවී 119
රොෂේන් සිල්වා - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් 6
නිරෝෂන් දික්වැල්ල- ඇ.හෝප් ප.ගේබ්‍රියෙල් 16
අකිල ධනංජය - ඇ. ඩව්රිච් ප. රෝච් 2
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 10
කසුන් රාජිත - ඇ. ඩව්රිච් ප. රෝච් 4
ළහිරු කුමාර - ඇ. හෝප් ප. රෝච් 0
අතිරේක (බ-1, නි-2, ව-2,පා-2) 7
එකතුව ඕවර 79 කදී සියලුදෙනා දැවී  253
කඩුලු වැටීම :
 1-1 (උඩවත්ත), 2-15 (ධනංජය ද සිල්වා), 3-59 ( පෙරේරා), 4-126 ( මෙන්ඩිස්), 5- 148 (රොෂේන් සිල්වා), 6-179 (දික්වැල්ල), 7-190 (අකිල ධනංජය), 8-206 (ලක්මාල්),9- 237 (රාජිත),10- 253 (කුමාර)
පන්දු යැවීම:
කෙමාර් රෝච් 18-8-49-4
ෂැනෝන් ගේබ්‍රියෙල් 16-4-59-5
මිගෙල් කමින්ස්  19-5-69-0
ජේසන් හෝල්ඩර්  14-2-56-1
දේවේන්ද්‍ර බිෂෝ 11-3-15-0
රොස්ටන් චේස් 1-0-2-0
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ. දික්වැල්ල ප.රාජිත 22
ඩෙවෝන් ස්මිත් -ක.මු.කළා ප. අකිල ධනංජය 61
කිරන් පවෙල් - ඇ. මෙන්ඩ්ස් ප. කුමාර 27
ෂායි හෝප් - ඇ. ධනංජය ද සිල්වා  ප. ලක්මාල් 19
රොස්ටන් චේස් - ඇ. ලක්මාල් ප. කුමාර 41
ෂේන් ඩව්රිච් - ඇ. දික්වැල්ල ප. ලක්මාල්  55
ජේසන් හෝල්ඩර් -  ඇ. දික්වැල්ල ප. රාජිත  15
දේවේන්ද්‍ර බිෂෝ - ඇ.මෙන්ඩිස් ප. රාජිත  2
කෙමාර් රෝච් - ක.මු.කළා ප. කුමාර 13
මිගෙල් කමින්ස් - නොදැවී 8
ෂැනෝන් ගේබ්‍රියෙල් - ඇ.ධනංජය ද සිල්වා ප. කුමාර 3
අතිරේක (බ-11, නි-1, ව-9,පා-8,ද.ල - 5) 34
එකතුව ඕවර 100.3 කදී සියලු දෙනා දැවී 300
කඩුලු වැටීම :
1-59(බ්‍රැත්වෙයිට්),2-115 (පවෙල්), 3-149 (හෝප්), 4-163 (ස්මිත්), 5-241 (චේස්), 6- 254 ( ඩව්රිච්), 7- 261 (බිශූ), 8-279 (හෝල්ඩර්),          9-292 (රෝච්), 10-300 (ගේබ්‍රියෙල්)
පන්දු යැවීම:
සුරංග ලක්මාල් 24-6-50-2
අකිල ධනංජය  25-7-81-1
කසුන් රාජිත  22-6-49-3
ළහිරු කුමාර 26.3-4-86-4
ධනංජය ද සිල්වා  3-0-10-0
ශ්‍රී ලංකාව - දෙවන  ඉනිම 
කුසල් පෙරේරා - ඇ. ඩව්රිච් ප. ගේබ්‍රියෙල්  20
මහේල උඩවත්ත - ඇ. බිෂෝ ප. රෝච් 19
කසුන් රාජිත - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 0
ධනංජය ද සිල්වා - ඇ. ඩෙවොන් ස්මිත් ප. ගේබ්‍රියෙල් 3
කුසල් මෙන්ඩිස් - ප. ගේබ්‍රියෙල්  87
දිනේෂ් චන්දිමාල් - ඇ. ඩව්රිච් ප. රෝච් 39
රොෂේන් සිල්වා - ඇ. ඩව්රිච් ප. ගේබ්‍රියෙල් 48
නිරෝෂන් දික්වැල්ල - ඇ. පවෙල් ප. ගේබ්‍රියෙල් 62
අකිල ධනංජය - ප. ගේබ්‍රියෙල් 23
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් 7
ළහිරු කුමාර - නොදැවී  0
අතිරේක ( බ-12, නි-11, ව-3, පා-8) 34
එකතුව ඕවර 91.4 කදී සියලුදෙනා දැවී  342
කඩුලු වැටීම :
1-32 (පෙරේරා), 2-34 (රාජිත), 3-44 (ධනංජය), 4-48 (උඩවත්ත), 5-165 (චන්දිමාල්), 6-199 (මෙන්ඩිස්), 7-298 (රොෂේන්), 8-307 (දික්වැල්ල), 9-334 (ලක්මාල්), 10-342 (අකිල)
පන්දු යැවීම:
කෙමාර් රෝච්  21-3-78-2
ෂැනෝන් ගේබ්‍රියෙල්  20.4-6-62-8
ඩේසන් හෝල්ඩර්  15-5-38-0
මිගෙල් කමින්ස් 13-1-44-0
දේවේන්ද්‍ර බිෂෝ 11-0-58-0
රොස්ටන් චේස් 10-1-38-0
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 1-0-4-0
බටහිර ඉන්දීය කොදෙව් - දෙවන ඉනිම 
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - නොදැවී  32
ඩෙවෝන් ස්මිත් -ඇ. ධනංජය ද සිල්වා ප. රාජිත  1
කිරන් පවෙල් - ඇ. උඩවත්ත ප. රාජිත  2
ෂායි හෝප් - පිටියෙන් ඉවත් වුණා  6
රොස්ටන් චේස් -  ප. ලක්මාල් 13
ෂේන් ඩව්රිච් - නොදැවී  0
අතිරේක (බ-1) 1
එකතුව ඕවර 24 කදී කඩුලු 3ක් දැවී 55
කඩුලු වැටීම :
1-6 (ස්මිත්), 2-8 (පවෙල්), 3-55 (චේස්)
පන්දුවට පහරදීමට සිටින ක්‍රීඩකයෝ 
ජේසන් හෝල්ඩර්, දේවේන්ද්‍ර බිෂෝ, කෙමාර් රෝච්, මිගෙල් කමින්ස්, ෂැනෝන් ගේබ්‍රියෙල්
පන්දු යැවීම:
සුරංග ලක්මාල් 6-1-15-1
කසුන් රාජිත  9-3-15-2
ළහිරු කුමාර 6-2-18-0
අකිල ධනංජය  3-0-6-0

 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ආක්‍රමණශීලි පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.