Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ප්‍රවීණයෝ අවසන් තරගයට
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ අවසන් තරගයට

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉන් පළමු අවස්ථාවේදී මෙන්ම මෙම අවස්ථාවේදීද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායමය. අවසන් තරගය හෙට (1 වැනිදා) පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණි. එහිදී සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් ප්‍රවීණයන්ගේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. 

වේගවත් පිතිහරඹයක නිරත වූ නර්සිං ඩියොනරින් පන්දු 39 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 63 ක් රැස්කළ නමුත් ඔහුට කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ආරම්භක පිතිකරු ඩ්වේන් ස්මිත් පන්දු 24 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

කොදෙව් ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉෂාන් ජයරත්න පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළේය.

ලකුණු 85 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ජීවන් මෙන්ඩිස් (25) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 37 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඉෂාන් සමත් විය. පන්දු 15 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මහේල උඩවත්ත පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද, සනත් ජයසූරිය පන්දු 19 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කිරීමට සමත් වූහ. අවසන් ඕවර කිහිපයේදී පන්දු 11 කට මුහුණදුන් ඉසුරු උදාන ලකුණු 16 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. 

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 171 
(මහේල උඩවත්ත 15, සනත් ජයසූරිය 26, ඉෂාන් ජයරත්න 31, ජීවන් මෙන්ඩිස් 25, ඉසුරු උදාන 16, දේවේනද්‍ර බිෂෝ 17/2, ක්‍රිෂ්මර් සැන්ටෝකි 26/2) 

කොදෙව් ප්‍රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 158  
(ඩ්වේන් ස්මිත් 23, බ්‍රයන් ලාරා 17, නර්සිං ඩියොනරින් 63, ඩැන්සා හයිට් 17, ජෙරම් ටේලර් නොදැවී 19, සනත් ජයසූරිය 26/2, නුවන් කුලසේකර 26/2) 

(ඡායාරූපය - සමීර පීරිස්)

-036


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීණයෝ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.