Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ ආසාර්ථක වෙති

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ ආසාර්ථක වෙති

ශනුක අරවින්ද - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගය දිවා ආහාරය සඳහා නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටියේය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට වට පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් හතරේ පහර 5 ක් සමග ලකුණු 26 ක්ද, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කුසල් පෙරේරා සමගින් ඉනිම ඇරඹූ මහේල උඩවත්ත ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල බවට පත්වෙමිනි. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ උඩවත්තට එහිදී මුහුණ දීමට හැකි වූයේ පන්දු 2 කට පමණි. පිතිතේ පිටත දාරයේ වැදී පැමිණි පන්දුව උඩපන්දුවක් ලෙස රැකගැනීමට දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි නායක ජේසන් හෝල්ඩර් සමත් වීමත් සමග උඩවත්තගේ මංගල ටෙස්ට් ඉනිම ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම නිමාවට පත්විය.

උඩවත්තගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ෂැනෝන් ගේබි්‍රයෙල් ඉඩක් ලබා නොදුන්නේය. ඉතා වේගයෙන් පැමිණි පන්දුවක් යටි අතේ වැලමිටේ වැදී කඩුල්ල මත පතිතවීමත් සමග ධනංජයට ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ අබාධයකටද ලක් වෙමිනි.

දිවා ආහාරයට පෙර බිඳ වැටුණ අවසන් කඩුල්ල බවට පත්වූ කුසල් පෙරේරා ඉතා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටියේය. දුර්වල පන්දු පමණක් තොරා බේරාගෙන පහරදුන් ඔහු හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක් රැස්කළේය. එහෙත් තණතීරුව මැද පතිත වී එකවරම ඉහළ ඇදී ආ කේමර් රෝච්ගේ පන්දුවකට ආරක්ෂාකාරී පහරක් ගැසීමට කුසල් ගත් උත්සාහය ආසාර්ථක වී ගියේ පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ජේසන් හෝල්ඩර් වෙත පහසු උඩ පන්දුවක් ලෙස ඇදීයෑම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4 ක් සමගින් මෙම තරගයට සහභාගි වී සිටින අතර පෞද්ගලික හේතු මත නැවත දිවයිනට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ වෙනුවට මහේල උඩවත්ත සහ කසුන් රාජිතද, පළමු තරගයට ක්‍රීඩා කළ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා වෙනුවට අකිල ධනංජය සහ ධනංජය ද සිල්වාද මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත් වී සිටිති.

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෝ ආසාර්ථක වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.