Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ හොං කොං දේශය අතර අද (30 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 9.2 අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 35 ක්ද, නිෂාන් මධුෂංක පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 21 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් හොං කොං යොවුන් කණ්ඩායම ඕවර 33.1 ක් අවසානයේ ලකුණු 56 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී හොං කොං කණ්ඩායමේ පිතිකරුවන් 9 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී යෑම කැපී පෙනන සිදුවීමක් විය. හොං කොං ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අදිත් ගෝරවරටද පන්දු 33 කදී හතරේ පහරක් සමගින් රැස්කරගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ශෂික දුල්ෂාන්, කඩුලු 5 ක් දවාගනිමින් හොං කොං ඉනිම අඩපණ කළේ සිය ඕවර 10 ලකුණු 19 කට සීමා කරමිනි. ඊට නිලකුණු ඕවර 4 ක්ද ඇතුළත් විය. දුනිත් වෙල්ලාලගේ සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් හොං කොං ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දුල්ෂාන්ට අනගි සහායක් දුන්හ.
එහිදී හොං කොං කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ කළණ පෙරේරා සමත් වූයේ ආරම්භයේදීම හොං කොං කණ්ඩායමේ මහත් අසීරු තත්වයකට ඇද දමමිනි.
හොං කොං යොවුන් පිල - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 56
(ශෂික දුල්ෂාන් 19/5, දුනිත් වෙල්ලාලගේ 05/2, කළණ පෙරේරා 11/2)
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 9.2 කදී කිසිවකු නොදැවී 58
(නවෝද් පරණවිතාන නොදැවී 35, නිෂාන් මධුෂංක නොදැවී 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.