Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද (05) සමත් විය. ඩකාහි ශියා බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඇෆ්ඝනිස්තාන් යොවුන් පිල ලකුණු 31 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ලකුණු 210 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ඇෆ්ඝනිසිතාන් ඉනිම ඕවර 48.3 කදී ලකුණු 178 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. රහමනුල්ලා ගුර්බාෂ් පන්දු 70 කින් ලකුණු 46 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන් යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.  

මවතින් දඟ පන්දු යවන ශෂික දුල්ෂාන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් නිලකුණු ඕවර තුනක් ද සමගින් ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගනිමින් ජයග්‍රහණය පහසු කළේය.

නුවනිඳු ප්‍රනාන්දු ශ්‍රී ලංකා යොවුන් පිලේ ගැළවුම්කරු බවට පත්වෙමින් පන්දු 129 කින් ලකුණු 111 ක් රැස්කිරීමට සමත් විය. නුවනිඳුගේ සටන්කාමී ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් වර්ණවත් විය.  නුවනිඳු ප්‍රනාන්දු සහ නායක නිපුන් ධනංජය හයවැනි කඩුල්ලට ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වමින් වැටී තිබූ ඉනිම ශක්තිමත් තත්ත්වයකට රැගෙන ආහ.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන සහ නිෂාන් මධුෂ්ක ලකුණු නොලබා දැවී යෑමෙන් ඉනිම අඩපණ විය.

ඇෆ්ගනිස්තාන් පිලේ නායක රහමනුල්ලා ගුර්බාෂ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉරිදා  (07) ඩකාහිදී පැවැත්වේ.
ඩකාහිදී ඊයේ (04) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දීය පිල බංග්ලාදේශයට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීය.  


ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම
නවෝද් පරණවිතාන - ඇ. ගුර්බාෂ් ප. ඔමර්ෂායි    0
නිෂාන් මධුෂ්ක - ඇ. ඉෂාක් ප. රහමන්    0
කමිල් මිෂාර - ඇ. ගුර්බාෂ් ප. රහමන්    12
නුවනිඳු ප්‍රනාන්දු - ඇ. හුසේන් ප. රහමන්    111
කල්හාර සේනාරත්න - ක. මූ. කළා ප. අහමඞ්    6
කලන පෙරේරා - ක. මූ. කළා අබිඩි    22
නිපුන් ධනංජය - ඇ. ගුර්බාෂ් ප. ජාවෙඞ්    27
පසිඳු සූරියබණ්ඩාර - නොදැවී     19
අතිරේක    12
එකතුව ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී     209
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
නිපුන් මාලිංග, දුනිත් වෙල්ලාලගේ, ශෂික දුල්ෂාන්

කඩුලු වැටීම:
1-0(පරණවිතාන), 2-0(මධුෂ්ක), 3-16(මිෂාර), 4-42(කල්හාර), 5-99(කලන), 6-166(ධනංජය), 7-207(නුවනිඳු)

පන්දු යැවීම:
අස්මතුල්ලා ඔමර්ෂායි: 9--1-30-1, අබ්දුල් හරමන්: 9-2-42-3, අරීෆ් ඛාන්: 5-0-24-0, කුයිස් අහමඞ්: 10-0-31-1, සමියුල්ලා ජාවෙඞ්: 9-0-48-1, රියිෂ් හුසේන්: 3-0-10-0, අබිඩි මොහොමඞ්: 5-0-22-1   


ඇෆ්ගනිස්තාන් වයස 19 න් පහළ කණ්ඩායම
රියිෂ් හුසේන් - ඇ. මධුෂ්ක ප. කල්හාර    15
රහමනුල්ලා ගුර්බාෂ් - ඇ. වෙල්ලාලගේ ප. දුල්ෂාන්    46
බසීර් ඛාන් - ඇ. පරණවිතාන ප. දුල්ෂාන්    27
අරීෆ් ඛාන් - දුවද්දී දැවී ගියා    20
කුයිස් අහ්මඞ් - ක. මූ. කළා ප. කල්හාර    0
ලජාෂ් - ඇ. නුවනිඳු ප. දුල්ෂාන්    37
අෂ්මටුල්ලා ඔමර්ෂායි - ඇ. කල්හාර ප. පරණවිතාන     10
අබීබ් මොහොමඞ් - ඇ. කල්හාර ප. වෙල්ලාලගේ    0
මොහොමඞ් ඉෂාක් - ඇ. ධනංජය ප. පරණවිතාන    2
අබ්දූල් රහමන් - ඇ. කළන ප. දුල්ෂාන්    11
සමියුල්ලා ජාවෙඞ් - නොදැවී    0
අතිරේක    10
එකතුව ඕවර 48.3 කදී සියලු දෙනා දැවී     178

කඩුලු වැටීම:
1-35(හුසේන්), 2-84(ගුර්බාෂ්), 3-113(බසීර් ඛාන්), 4-114(අරීෆ් ඛාන්), 5-117(අහ්මඞ්), 6-140(ඔමර්ෂායි), 7-140(අබිඩි), 8-143(රහමන්), 9-168(රහමන්), 10-178(ලජාෂ්)

පන්දු යැවීම:
කළන පෙරේරා: 9-1-25-0, නිපුන් මාලිංග: 5-0-20-0, කල්හාර සේනාරත්න: 10-0-41-2, ශෂික දුල්ෂාන්: 9.3-3-24-4, දුනිත් වෙල්ලාලගේ: 10-0-46-1, නවෝද් පරණවිතාන: 5-1-17-2

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.