Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ එක්දින තරගාවලිය දිනති

ශ්‍රී ලංකා යෞවනයෝ එක්දින තරගාවලිය දිනති

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුලිඳු පෙරේරාගේ (155) අති විශිෂ්ට පිතිහරඹය නිසා කොදෙව් යොවුන් කණ්ඩායම ලකුණු 51 කින් පරාජය කළ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියේ ජය තමන් සතුකර ගත්හ. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ තුන්වැනි තරගය වූ අද (01 වැනිදා) තරගයත් ජයගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රහණ 2-1 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධන පැකිළීමකින් තොරවම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය.

පිතිකරුවන් සියලු දෙනාම පාහේ ලකුණු 10 ත් ලකුණු 30 ත් අතර දැවී ගිය නමුත් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ කොඳුනාරටිය බඳු වූ පුලිඳු පෙරේරාගේ පිතිහරඹය නිසා ලකුණු පුවරුව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක විය. ආරම්භක පිතිකරුවා වූ පුලිඳු 47 වැනි ඕවරයේදී දැවී යන විට ලකුණු පුවරුවේ එකතුව වශයෙන් 279 ක් සටහන් වී තිබිණ. එයින් ලකුණු 155 ක් ආරම්භක පිතිකරුවාගේ නමට ඉදිරියෙන් සටහන් වූයේ හතරේ පහර 17 ක් සහ හයේ පහර 4 ක් ද සමගිනි.

අවසන් පන්දු 20 න් ලකුණු 25 ක් උදුරාගත් විහස් තෙව්මික (නොදැවී 28) සහ විශ්ව ළහිරු දෙදෙනා නිසා 300 වැනි ලකුණු පුවරුවේ සටහන් විය.

ලකුණු 300 කට ඔබ්බෙන් ඇති ඉලක්කයක් හඹා යාම යොවුන් කණ්ඩායමකට පහසු අභියෝගයක් නොවේ. එහෙත් ඒඩි්‍රයන් වියර් (52) සහ ජොෂුවා ඩෝන් (34) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට බලවත් උත්සාහයක් දැරූහ.

ලකුණු පුවරුව පෙනීමෙන් ඇතිවන පීඩනයට නතුවූ කොදෙව් යෞවනයෝ ඕවර 40.3 කදී තම ඉනිම අවසන් කරගත්හ. අවසන් පිතිකරුවා වශයෙන් දැවී ගිය කඩුලු රකින්නා වූ ජුවෙල් ඇන්ඩෲ පන්දු 64 කින් ලකුණු 80 ක් ලබා සිටියේය.


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 304 යි
(පුලිඳු පෙරේරා 155, විශේන් හැළඹගේ 19, සිනෙත් ජයවර්ධන 15, රවිශාන් නෙත්සර 27, දිනුර කළුපහන 13, ශාරුජන් ශන්මුගනාදන් 16, විහස් තෙව්මික නොදැවී 28, නතාන් එඩ්වඩ් 66/3, දේශ්වාන් ජේම්ස් 70/2, තරීක් එඩ්වඩ් 41/2)

බටහිර ඉන්දීය යොවුන් කණ්ඩායම - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 253
(ඒඩි්‍රයන් වියර් 52, ජොෂුවා ඩෝන් 34, ජෝර්ඩ්න් ජොන්සන් 14, මාවේන්ද්‍ර දින්යාල් 21, ජුවෙල් ඇන්ඩෲ 80, නනාත් සීලි 20, ගරුක සංකේත් 44/2, විශ්ව ළහිරු 48/3, සිනෙත් ජයවර්ධන 29/2, විහස් තෙව්මික 29/2)


ගරුක සංකේත් විසින් කඩුල්ලක් ලබාගත් මොහොතක්...

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ එක්දින තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.