Last Update  :  2025-01-25 18:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ කඩුලු 7 කින් ජයගනිති
යොවුන් ටෙස්ට් තරගය - 2

ශ්‍රී ලංකා යෞවනයෝ කඩුලු 7 කින් ජයගනිති

editorial - 2023 සැප් මස 14 268 Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම කොදෙව් යොවුන් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරග දෙකකින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගත්හ. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ තුන්වැනි දිනය වූ අද (14 වැනිදා) දිවා ආහාරයට මඳ වේලාවකට පෙර තරගය නිමා විය.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 79 ක ඉලක්කයක් කරා යද්දී ලකුණු 33 ත් 39  ත් ඇතුළත කඩුලු තුනක් බිඳ වැටිණ. එසේ වුවත් රූසඳ ගමගේ (නොදැවී 21) සහ රවිශාන් ද සිල්වා (නොදැවී 17) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා යොවුන් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

කෙදෙව් යොවුන් පිල වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ ජෝර්ඩ්න් ජොන්සන් තරගාවලියේ වීරයා ලෙසින්ද, මෙම තරගයේ ඉනිම දෙකේදීම පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ විහස් තෙව්මික තරගයේ වීරයා ලෙසින් ද සම්මාන දිනාගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 127 යි
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 326 යි
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම 277 යි

(ස්ටීවන් පැස්කල් 25, ස්ටීවන් වෙදර්බරන් 37, ජෝරඩ්න් ජොන්සන් නොදැවී 157, මාවේන්ද්‍ර දින්ද්‍යාල් 15, ඩිවොනි ජෝෂප් 16, ජොෂුවා ඩොර්න් 16, කවීෂ පියුමාල් 57/2, විහස් තෙව්මික 63/3, මල්ෂ තරුපති 51/2)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 3 ට 81 යි
(සිනෙත් ජයවර්ධන 30, රූසඳ ගමගේ නොදැවී 21, රවිශාන් ද සිල්වා නොදැවී 17)

 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ කඩුලු 7 කින් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.