Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යෞවනයෝ සුබ අනාගතයක නිමිති පෙන්වති
යොවුන් ටෙස්ට් තරගය - 2

ශ්‍රී ලංකා යෞවනයෝ සුබ අනාගතයක නිමිති පෙන්වති

editorial - 2023 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට, කොදෙව්වන්ට කොහෙත්ම බැරුවා වාගේය. පළමු වැනි යොවුන් ටෙස්ට් තරගයේදී විහස් තෙව්මික (78/6) හමුවේ කඩුලු 6 ක් අහිමි කරගත් කොදෙව් යෞවනයෝ, දඹුල්ලේදී අද (12 වැනිදා) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේදීත් ලකුණු 127 කට දැවී ගියහ. විහස් තෙව්මික (43/5) සහ පා දඟ පන්දු යවන්නා වන මල්ෂ තරුපති (16/3) දෙදෙනා කඩලු 8 ක් බෙදාගත් අතර තවත් කඩුල්ලක් වමතින් පා දඟ පන්දු යවන්නා වන කවීෂ පියුමාල් නමට ලියාගත්තේය. 

අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 191 ක් ලබා සිටියහ. සිව්දින තරගයේ පළමු දිනය නිමාවන විටත් සත්කාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, කඩුලු 6 ක් අතැතිව, ලකුණු 64 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන සිටියහ. 

පුලිඳු පෙරේරා (41) සහ රවිශාන් ද සිල්වා (43) අර්ධ ශතක පෙනි පෙනී දැවී ගියද රූසඳ ගමගේ හතරේ පහර 10 කින් සමන්විත අර්ධ ශතකයක් ලබාගත්තේය. මැදපෙළ පිතිකරුවන් කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු ලබාගත් අතර සිව්දින තරගයක් වූවද, ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය 3.74 ක් වූයෙන් එය අනාගතය පිළිබඳ සුබ පෙර නිමිති පළකරන්නකි.

තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. සිය අර්ධ ශතකයට අත පොවන මානයේ සිටි පුලිඳු පෙරේරා ලකුණු 41 කට දුවද්දී දැවී ගියේ පිටියේ ඈත කෙළවරේ සිටි ස්ටීවන් වෙදර්බර්න් කඩුල්ලේ බේල්ස් මතටම පන්දුව එවීම හේතුවෙනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් කොදෙව් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවෝ දෙදෙනා වූ ස්ටීවන් පැස්කල් (28) සහ ස්ටීවන් වෙදර්බර්න් (24) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක් එක්කළහ. එහෙත් විහස් තෙව්මිකගේ පන්දුවකින් වෙදර්බර්න් දැවී යාමත් සමගින් ලකුණු 70 ක් ඇතුළත සියලු දෙනාම දැවී ගියහ. 

දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 27 දී ලකුණු 89 කට කඩුලු 6 ක් අහිමි කරගත් කොදෙව්වෝ, දිවා ආහාරයෙන් පසුව යැවුණු ඕවර 10 ක් ඇතුළත ලකුණු 38 කට ඉතිරි කඩුලු 4 ක් බිම දමාගත්හ. 
පළමු යොවුන් ටෙස්ට් තරගයේදී ලකුණු 149 ක් ලබාගත් ජෝර්ඩ්න් ජොන්සන්, නැවත වරක් ධෛර්යවත් පිතිහරඹයක යෙදෙමින් ලකුණු 52 ක් ලබාගත්තේය. තරමක් ඉක්මන්කාරී ලකුණු රැස්කිරීමක නිරත වූ ජොන්සන්, පන්දු 49 කට පමණක් මුහුණ දෙමින්, හතරේ පහර 6 කින් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කළේය. 


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 127 යි
(ස්ටීවන් පැස්කල් 28, ස්ටීවන් වෙදර්බර්න් 24, ජෝර්ඩ්න් ජොන්සන් 52, විහස් තෙව්මික 43/5, මල්ෂ තරුපති 16/3)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම කඩුලු 4 ට 191 යි
(පුලිඳු පෙරේරා 41, රවිශාන් ද සිල්වා 43, රූසඳ ගමගේ 58, දිනුර කළුපහන නොදැවී 23, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 21, ඉසායි තෝමස් 38/1, දේශ්වාන් ජේම්ස් 26/1, නේදන් සීලි 53/1)


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයෝ සුබ අනාගතයක නිමිති පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.