Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් මැලේසියාවේදී අද (01) අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමුවැනි අදියරේදී ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්විය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 15-10 ක් ලෙස ශ්‍රී ලංකා පිල පරාජය විය.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූව ද නියමිත කාලය අවසන් වන විට 10-10 ක් ලෙස ලකුණු සම වීම නිසා අතිරේක කාලය හිමිවිය.
දකුණු කොරියානු පිල අතිරේක කාලයේදී උත්සාහක දිනුමක් ලබාගැනීමත් සමග ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට වැටුණි.
අවසන් පූර්ව තරගයෙදී ශ්‍රී ලංකා පිල ලකුණු 29-12 කින් පරදවා ජයගත් පරදවා හොං කොං පිල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ හොං කොං අතර පැවැති තරගය ඉතා තියුණු තරගයක් වූ අතර පළමු අර්ධය අවසන් වන විට හොං කොං පිල ලකුණු 14-12 ක් ලෙස ලකුණු 2 ක් පමණක් ඉදිරියෙන් පසුවිය. ශ්‍රී ලංකා පිල එක් අවස්ථාවකදී ලකුණු 12-7 ක් ලෙසද ඉදිරියෙන් ද පසුවිය.
ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 29-10 ක් ලෙස මැලේසියාව පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (31) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළමු තරගයේදී ලකුණු 21-0 කින් කසකස්තානය පරාජය කළ නමුත් දෙවැනි තරගයේදී 14-29 ක් ලෙස ජපානය හමුවේ පරාජයට පත්වූහ.
තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කළ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 6 ක් සම්පූර්ණ කිරීමට සමත් විය. ඊට අමතරව නායක ෆාෂීල් මරීජා, සඳුන් හේරත් සහ මිතුන් හපුගොඩ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
ජපානය සහ හොං කොං අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්හ. අවසන් තරගයේදී ජපානය විසින් ලකුණු 14 - 10 ක් ලෙසින් හොං කොං කණ්ඩායම පරාජය කරන ලදි. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර මේ මස 21 සහ 22 දිනවල තායිලන්තයේදී පැවැත්වේ.
(ඡයාරූපය: රග්බි-පාපන්දු සම්මේලනයේ අනුග‍්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.