Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 16 වැනිදා සිට

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 16 වැනිදා සිට

editorial - 2024 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා තරු පිරිවරාගනිමින් පැවැත්වෙන ක්‍රීඩා සහ විනෝදාංශ ඇතුළත් ‘ශ්‍රී ලංකා ස්පෝට්ස් ෆියෙස්ටා -2024'  සැනකෙළිය මේ මස 16 වැනිදා කොළඹදී ආරම්භ වෙයි. දකුණු ආසියාවේ ජනප්‍රියතම ක්‍රීඩාවන්හි තරු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එකම කෙළිබිමක සැරිසරන පළමු ක්‍රීඩා සැනකෙළිය මෙයයි. 

මෙම විනෝදමත් ක්‍රීඩා සැණකෙළිය අගෝස්තු මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා, පුරා දින තුනක්, කොළඹ ටොරින්ටන් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. 

මෙම ක්‍රීඩා සැණකෙළිය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී. 
සිව් වසරකට වරක් එළැඹෙන, අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ සුන්දරම වසන්තය හෙවත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උන්මාදය ලොව පුරා  පැතිරෙන අගෝස්තු මාසයේදී, මෙම ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ  ඉසව්වක් බවට ද ‘ශ්‍රී ලංකා ස්පෝට්ස් ෆියෙස්ටා - 2024’ පත්වෙයි. 

දකුණු ආසියාවේ මෙවැනි ඉසව්වක් සංවිධානය කෙරෙනුයේ පළමු වතාවටය. මෙම සැණකෙළියට ක්‍රිකට්, රග්බි, වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, හොකී සහ පැසිපන්දු යන ක්‍රීඩා 7 ඇතුළත් වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වනු ඇත. 

ක්‍රීඩා අමාත්‍යංශය සහ සංචාරක අමාත්‍යංශයත්, එක් එක් ක්‍රීඩාවන්හි ජාතික සංගම් ද සමග ඒකාබද්ධව මෙම ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කරයි. ශ්‍රී  ලංකා  ස්පෝර්ට්ස් ෆියෙස්ටා සෑම වසරක් පාසාම සංවිධානය කිරීමටත් ඔව්හු බලාපොරොත්තු වෙති. 

‘ශ්‍රී  ලංකා  ස්පෝර්ට්ස් ෆියෙස්ටා  - 2024’ සැණකෙළියේ ක්‍රිකට් තරග බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. පැසිපන්දු තරග ශ්‍රී ලංකා පැසිපන්දු සංගම් පිටියේදී ද, වොලිබෝල් තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද, දැල්පන්දු තරග ටොරින්ටන් පිටියේදී ද, හොකී තරග ශ්‍රී ලංකා හොකී සංගම් කෘතිම හොකී පිටියේදී ද, පැවැත්වීමට නියමිතය.  

පාපන්දු, රග්බි සහ තරග  රීඩ් මාවත පැරණි තුරඟ තරග ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 
නව ආකාරයේ විනෝදාත්මක අංග රැසක් ‘ශ්‍රී ලංකා ස්පෝට්ස් ෆියෙස්ටා - 2024’  සැණකෙළියට ඇතුළත්ව තිබීම නිසා එය ශ්‍රී ලාංකිකයන්ට නවතම අත්දැකීමක් බවට පත්වනු ඇතැයි සංවිධායකයෝ කියති. 


අදහස් (0)

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 16 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.