Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු සිවුදින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට අද (07) සමත් විය.
තරගයේ තෙවැනි දිනය වූ අද දිවා ආහාරයට පෙර ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 42 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 6.5 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (නොදැවී 26) සහ අවිෂ්ක ප්‍රනාන්දු (නොදැවී 16) කඩුලු රැකගනිමින් ජයග්‍රහණය දක්වා ගමන් කළහ.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (06) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු නවයක් දැවී ලකුණු 182 ක් රැස්කර සිටි අයර්ලන්ත ‘ඒ’ පිලේ දෙවැනි ඉනිම ලකුණු 196 කට සීමා විය. වමතින් දඟ පන්දු යවන 22 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී ලකුණු 73 කට කඩුලු පහක් දවාගැනීමට සමත් විය. ඇඹුල්දෙණිය ඉනිම දෙකේදී කඩුලු නවයක් දවාගත්තේය.
දෙපිල අතර දෙවැනි සහ අවසන් සිවුදින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.