Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති පස්වැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 101 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 404 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 302 ක් පමණි. එහිදී නීල් රොක් (78) සහ ලෝකන් ටකර් (53) අර්ධ ශතක ලබාගත්තද අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ. පන්දු 56 කදී වාර්තා වූ රොක්ගේ අර්ධ ශතකය හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 කින්ද, පන්දු 64 කදී වාර්තා වූ ටකර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ අසේල ගුණරත්න අවසන් ඕවරයේදී දවාගත් කඩුලු 3 ද සමගින් ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳහෙළීය. එහිදී අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ගුණරත්නට අනගි සහායක් දුන් දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 403 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නායක උපුල් තරංග (120) සහ අවිෂ්ක ප්‍රනාන්දු (112) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 174 කදී ලකුණු 206 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 108 කට මුහුණදුන් තරංග හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය අලංකාර කළ අතර පන්දු 94 කදී වාර්තා වූ අවිෂ්කගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය.
ක්‍රේග් යංගේ පන්දුවක් හමුවේ ජේම්ස් කැමරන් අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිෂ්ක පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව අසේල ගුණරත්න (25) සමග එක්වූ තරංග, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. මුලු ලකුණු සංඛ්‍යාව 274 ක්ව තිබියදී පිට පිට යවන ලද පන්දු 2 කින් තරංග සහ ගුණරත්න දවාගැනීමට ගැරීත් ඩෙලනි සමත් විය.
සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධනටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ගැරීත් ඩෙලනි ඉඩක් නොදුන් අතර ලෝකන් ටකර්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට මිලින්ද ලබා සිටියේ ලකුණු 7 ක් පමණි. ඔහුගේ දැවීයෑමෙන් අනතුරුව පිටියේ එක්වූ දසුන් ශානක (39) සහ චතුරංග ද සිල්වා (50), පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ.
පන්දු 23 කදී වාර්තා වූ චතුරංගගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත වූ අතර දසුන් ශානක ලකුණු රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් ඉසුරු උදාන හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
-036
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.