Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”සංචාරක නවසීලන්ත 'ඒ' පිල සහ ශ්‍රී ලංකා 'ඒ' පිල අතර තරග 03කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තීරණාත්මක තරගය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදී අද (3) පැවැත්වේ.

දෙපිල තරගය බැගින් ජය ලබා සිටීම නිසා මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායමට 2.1ක් ලෙස තරගාවලිය  ජය ලැබීමේ අවස්ථාව හිමිවේ.
”ශ්‍රී ලංකා ඒ පිල” මෙම සංචාරයේ තරග 2කින් සමන්විත වූ සිව්දින තරගාවලිය 1.0ක් ලෙස ජය ලැබීමට සමත්විය.

මෙම තරගය පිළිබඳව ශ්‍රී ලංකා 'ඒ' පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතාගෙන් ”ලංකාදීප” කළ විමසුමකදී පැවසුවේ අවසන් තරගයට කී‍්‍රඩා කරන 11 දෙනා මේ දක්වා තීරණය කර නොමැති බවත් තණ තීරුව පරීක්‍ෂා කර ඊට ගැළපෙන හොඳම සංයෝගය තරගයට සහභාගීකරවන බවයි.

”මෙම තරගයට ලැබී තිබෙන තණ තීරුව එතරම් දඟ කැවෙන එකක් නොවෙයි. ඒ නිසා වේග පන්දු යවන්නන් තිදෙනෙක් කී‍්‍රඩා කරන්න ඉඩ තිබෙනවා.

”මෙහිදී මාගේ කාර්යය වී තිබෙන්නේ තරග ජය ගන්න උගන්වන ගමන් සියලූ දෙනාටම අවස්ථාව ලබා දෙමින්  ඔවුන් ටෙස්ට් තරගවලට ද, එක්දින තරගවලටද සුදුසු ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමයි.

”අන්තර් සමාජ තරගාවලිය සහ අන්තර් ජාතික මට්ටම අතර ලොකු  පරතරයක් තිබෙනවා. ඒ නිසා කී‍්‍රඩකයන්ගේ දුර්වලතා හඳුනා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්.”

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ යොවුන් පිතිකරුවන් සාර්ථක වීමට හේතුව තරගාවලියට දින 28කට පෙර සංචිතයේ කී‍්‍රඩකයන් සමග තමන්ට වැඩ කිරීමට අවස්ථාව ලැබීමත් වේග පන්දු යවන්නන්ට කී‍්‍රඩා කිරීමට නව තාක්‍ෂණයකට අනුව පුහුණු වීම් කිරීමට ලැබීමත් බව ශී‍්‍ර ලංකා හිටපු ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරුවකු වන කළුවිතාරණ මහතා පැවසීය.

”මෙම සංචිතයේ සිටින හොඳම පිට දඟ පන්දු යවන්නා වන දිල්රුවන්ව විවෙක ගන්වා දෙවැනි තරගයේදී ඒ අවස්ථාව වෙනත් කී‍්‍රඩයකුට ලබාදුන්නා. ජාතික කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන්නන් වන සුරංග සහ ශාමින්ද සංචිතයේ ඉන්නවා. මෙවැනි තරගාවලියක දී සියලූ දෙනාට අවස්ථාව ලබාදීම අපේ ඉලක්කකයයි” යැයි කළුවිතාරණ මහතා වැඩිදුරටත්  පැවසීය.  

ඡයාරූප - ශාන්ත රත්නායක


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ - නවසීලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.