Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය අද (22 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. කෙසේ වුවත් පළමු තරගය ජයගෙන තිබීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
දෙවැනි තරගය නිමාවන පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රීඩකයෝ, කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටියහ. ඒ වන විට සුබේර් හමසා නොදැවී ලකුණු 24 ක් ලබා සිටි අතර දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිමේ බිඳ වැටුණ කඩුලු 4 න් 2 කට හිමිකම් කීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.
තෙවැනි දිනය වූ ඊයේ (21 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, අද සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 97 ක් එකකර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) ශතක ලබාගත්හ.
ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 254 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිනෝද් සහ පසිඳු සමත් වූ අතර මිනෝද්ගේ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින්ද, පසිඳුගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත විය. පළමු ඉනිමේදීද දක්ෂ පිතිහරඹයක නිරත වූ පසිඳු තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 290
දකුණු අප්‍රිකානු ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 294
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 327
(නිෂාන් මධුෂංක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක 130, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 113)
දකුණු අප්‍රිකානු ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 156
(ටෝනි ඩි,සූර්සි 35, මැතිව් බී්‍රට්ස්කේ 38, කීගන් පීටර්සන් 29, සුබේර් හමසා නොදැවී 24, ප්‍රවීන් ජයවික්‍රම 43/2)
ඡායාරූපය - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.