Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
දකුණු අප්‍රිකානුවන්ගේ මුල් ඉනිමේ වාසිය ලකුණු 04 කට සීමා කළ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී නැවත වරක් පෙරමුණ අල්ලා ගත්හ. තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් ලබා සිටියේය.
තරගයේ දිනයක් පමණක් ඉතිරිව තිබියදී, කඩුලු 8 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, සිය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 226 ක් ඉදිරියෙන් සිටී.
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී.
දින තුනක් නිමාවී ඇති බැවින් මෙන්ම වර්ෂාවේ බාධා කිරීම් ද ඇතිවිය හැකි බැවින්, අවසන් දිනයේ පිතිකරුවන් දැඩි සේ අසාර්ථක වූවොතින් මිස තරගයේ තීරණයක් අපේක්‍ෂා කළ නොහැකිය.
ශ්‍රී ලංකා ඒ’ පිල මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 290 ට පිළිතුරු දීමේදී දකුණු අප්‍රිකානු මුල් ඉනිමේ ලකුණු පුවරුව වරෙක දිස්වූයේ කඩුලු 4 කට 256 ක් ලෙසිනි. එහෙත් සංචාරකයන්ගේ අවසන් කඩුලු 6 ම ලකුණු 38 කට දවාලූ ලක්‍ෂිත මනසිංහ (48/5) සහ ප්‍රවීන් ජයවික්‍රම (102/2) දෙදෙනා දකුණු අප්‍රිකානුවන්ගේ මුල් ඉනිමේ වාසිය ලකුණු 04 කට ලඝු කළහ.
දෙවැනි ඉනිමේදී නිෂාන් මධුෂ්ක සහ ලසිත් කෲස්පුල්ලේ සාර්ථක ආරම්භයක් ලබාගත් අතර දෙවැනි කඩුල්ල ලකුණු 73 දී බිඳ වැටිණ. එහෙත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මිනෝද් භානුක (නොදැවී 79) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 73) එක්ව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වාසිය ලකුණු 220 න් ඔබ්බට තල්ලු කළහ.
හෙට (22 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 290 යි
දකුණු අප්‍රිකානු ‘ඒ’ - පළමු ඉනිම 294 යි
(ටි්‍රස්ටන් ස්ටබ්ස් 117, කීගන් පීටර්සන් 50, සුබයිර් හම්සා 46, කයිල් වර්රීන් නොදැවී 38, විශ්ව ප්‍රනාන්දු 45/3, ප්‍රවීන් ජයවික්‍රම 102/2, ලක්ෂිත මනසිංහ 48/5)
ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 2 ට 230 යි
(නිශාන් මධුෂ්ක 40, ලසිත් කෲස්පුල්ලේ 30, මිනෝද් භානුක නොදැවී 79, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 73)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.