Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන 17 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගයකදී ඕමානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ සිය දෙවැනි ජයග‍්‍රහණය ලැබීය. තවත් ශ්‍රේණිගත කිරීමේ තරගයකදී ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට එරෙහිව වට 3-1 ක ජයක් ලැබීය.
තරග වට 3-2 ක් ලෙසින් ඕමානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එහි ලකුණු සටහන් වූයේ 25/22, 25/19, 21/25, 21/25, 25/14 ලෙසිනි.
තුර්ක්මෙනිස්ථානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 25/19, 25/18, 24/26, 25/18 ක් පරිදිය.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ තරග තුනම චීනය, බහරේන් හා ජපානයට එරෙහිව පරාජයට පත් විය.
අනතුරුව ශ්‍රේණිගත කිරීමේ තරග වටයට පිවිසි ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ වට 3-0 ක පරාජයක් ලැබීය.
ජනිත සුරත් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙම තරග ජයගැනීමත් සමග පියවර 2ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.
මෙතැන් සිට ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා අතර ස්ථානයක් ලැබීම සඳහා ශ්‍රේණිගත තරග වටයට තවදුරටත් සහභාගී වීමට නියමිතය.
මෙවර තරගාවලියේ පෙරළිකාර සිදුවීම පෙරේදා (5)වාර්තා වූයේ වසර 2011 හා වසර 2013 දී පිට පිටම මෙම තරගාවලියේ ශූරතාව දිනා සිටින සත්කාරක ඉරානය වට 3-1 කින් පරාජයට පත් කිරීමට කොරියාව සමත්වීමයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවද ඉරානය 10 වැනි ස්ථානයේ පසුවේ.
වොලිබෝල් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ 68 වැනි ස්ථානයේද ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 15 වැනි ස්ථානයේද පසුවේ.
ගියවර තරගාවලියට රටවල් 21 ක් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානය ලැබීය. මෙවර ඒ සඳහා සහභාගී වී සිටින්නේ රටවල් 16 කි. ශ්‍රී ලංකාවට පැරදුණු තුර්ක්මෙනිස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 144 වැනි ස්ථානයේ පසුවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.