Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්වීඩනයේ හැම්ස්ටඞ් නුවරදී පැවැති ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පිළිවෙලින් එහි 63 වැනි සහ 61 වැනි ස්ථානවලට පත්වූහ. දින 8 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 72 බැගින් සහභාගි වූහ.
තෙවැනි කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ඔවුන් සහභාගි වූ මූලික වටයේ තරගවලදී ජයගත හැකි වූයේ එක් තරගය බැගින් පමණි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නවසීලන්තයට (තරග 3-2 කින්) එරෙහිවද, කාන්තා කණ්ඩායම මාලදිවයිනට (තරග 3-0 කින්) එරෙහිවද එම ජයග්‍රහණ වාර්තා කළහ. එහිදී තරගාවලියට සහභාගි නොවූ බැවින් බංග්ලාදේශය එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නිතරග ජයක් හිමිවිය.
මූලික වටයේ සෙසු තරගවලදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙක්සිකෝව හමුවේ තරග 3-0 කින්ද, දකුණු අප්‍රිකාව හමුවේ තරග 3-2 කින්ද, උස්බෙකිස්තානය හමුවේ තරග 3-1 කින්ද, කොංගෝ රාජ්‍ය හමුවේ තරග 3-2 කින්ද පරාජයට පත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ සෙසු තරගවලදී නොර්වේ රාජ්‍ය හමුවේ තරග 3-0 කින්ද, බොස්නියාව හමුවේ තරග 3-1 කින්ද පරාජයට පත් විය. එක් ක්‍රීඩිකාවක් අසනීප වීම නිසා වේල්සයට එරෙහිව පැවැති තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි නොවීය. එම තරගයේදී වේල්සයට නිතරග ජයක් අත්විය.
මූලික වටයේ තරගවලිදී ලැබූ පරාජයන්ගෙන් පසුව ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගී වීමට සිදුවිය.
එහිදී ගුවාට්මාලා දේශයට එරෙහිව තරග 3-1 ක ජයක්ද, ජෝර්දානයට එරෙහිව තරග 3-2 ක ජයක්ද වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ටෝගෝ රාජ්‍ය හමුවේ තරග 3-2 ක් ලෙස පරාජය වීම නිසා තරගාවලියේ 63 වැනි ස්ථානයට පත් විය.
ශ්‍රේණිගත කිරීමේ වටයේදී සහභාගි වූ පළමු තරගයේදීම නිතරග ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සෙසු තරග දෙකේදී මොරොක්කෝවට එරෙහිව තරග 3-0 ක ජයක්ද, ඇල්ජීරියාවට එරෙහිව තරග 3-2 ක ජයක්ද ලබමින් තරගාවලියේ 61 වැනි ස්ථානය හිමිකර ගත්තේය.
මෙම තරගාවලියේදී උදය රණසිංහ, ක්‍රිෂාන් වික්‍රමරත්න සහ රොහාන් සිරිසේන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර හංසනී පියුමිලා, ඉෂාරා මධුරංගි සහ ජිතාරා වර්ණකුලසූරිය කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.