Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවි යද්දී බංග්ලාදේශ කණ්ඩායම එහි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මේ දිනවල බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කණ්ඩායමත් එවැනිම ඉරණමකට මුහුණ දීමේ අවදානම ලක්ව සිටී.
තුන්කොන් තරගාවලියේ පළමු වටයේ තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු පුවරුවේ පහළටම තල්ලු වී තිබේ. එහි වඩාත්ම භයංකාර තත්ත්වය නම් ශ්‍රී ලංකා කණ්ඩායම එකම ප්‍රසාද ලකුණක්වත් නොමැතිව, ශුද්ධ ලකුණු වේගය සෘණ 1.750 ක අවාසියකට මුහුණ දී සිටීමයි. තරගාවලිය ජයගැනීම කෙසේ වෙතත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු හෝ ඇතිකර ගැනීමට නම් සිම්බාබ්වේ පිලට එරෙහිව ඉරිදා (හෙට) පැවැත්වෙන තරගය විශාල ලකුණු පරතරයකින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.
අඩුතරමේ වසරකට පෙර අතීතය දෙසවත් හැරී බැලුවහොත් මෙම කණ්ඩායම් තුන අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියකදී “ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා එකක් නෑ” යන්න කිසිවකු සිතන්නටවත් මැළිවූ තරම් තත්ත්වයකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම කොතෙක්ද යත් කලකට ඉහතදී දිනුම සාක්කුවේ දමාගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තමන්ගේ විශාලතම එක්දින ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වී තිබේ.
ආපසු හැරී බලන්නේ නම් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති ආසන්නතම තරග තුනම ජයගෙන තිබේ. තත්ත්වය එසේ වූවත් “හිස් කෙළින් තබාගත යුතුයි” යයි ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක තිසර පෙරේරා කියයි.
“මූණ දෙන්න ටිකක් අමාරු තත්ත්වයක් තමයි. ඒත් අපි මේ වෙලාවේ හිස් කෙළින් තබාගත යුතුයි....අපි නැඟිටින වෙලාව මොකක්ද කියලා කාටවත් කියන්න බෑ. ඒත් අපේ නව පුහුණුකරුවා සමග දුර ගමනක් යන්න අපට පුළුවන් කියලා මට විශ්වාසයි” යයි ඊයේ තරගයෙන් අනතුරුව තිසර පෙරේරා ඩකාහිදී මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.
“මා හිතන්නේ අපේ පිතිකරුවන් අසාර්ථක වුණා”
“ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ දේවල් වෙනවා. සිම්බාබ්වේ පිලට එරෙහිව කළ අනෙක් තරගය දිහා බැලුවොත් ඒකෙන් ගන්න ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඒත් මේ තරගයේදී අපේ පිතිහරඹය අසාර්ථක වුණා...මේ තණතීරුව ලකුණු 300 තණතීරුවක්” යයිද තිසර පෙරේරා පැවසීය.
“ටමීම් හා සකිබ් දෙන්නා හොඳින් පන්දුවට පහර දුන්නත් ඊට පස්සේ අපේ පන්දු යවන්නන් තරගයට අවතීර්ණ වුණා. අවසන් ඕවර 10 දී අපේ පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා” යයි ද තිසර පෙරේරා පැවසීය.
තිසර පෙරේරා එසේ කීවද අවසන් ඕවර 10 දී බංග්ලාදේශ පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 77 ක් උදුරා ගත්හ.
තිසර පෙරේරාම කියන පරිදි ඇන්ජලෝ මැතිව්ස් පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වීම කණ්ඩායමේ අවාසනාවකි. අනෙක් අතට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ප්‍රාතිහාර්ය කළ නොහැකි බවද තිසර පෙරේරා කියයි.
පසුගිය වසරේදී මුහුණ දුන් එක්දින තරග 29 න් 25 ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම නව වසර ආරම්භ කරන්නේත් පිට පිටම මුහුණ දුන් පරාජයන් දෙකකිනි.
“චන්දික හතුරුසිංහ වගේ කෙනෙක් ඉන්න එක අපට විශේෂ වාසියක්. ඔහු ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්....මා කලිනුත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ඉන්ඳැද්දි ඔහුත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් එයාටත් කාලයක් ඕනේ. කාටවත් ප්‍රාතිහාර්ය කරන්න බෑ” යයිද තිසර පෙරේරා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.