Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම සමත්ව සිටී. ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 18 වැනිදා (ඉරිදා) අවසන් වීමට නියමිතය.

ලෝක ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් වොලිබෝල් කණ්ඩායමක් සහභාගි වී ඇත්තේ පළමු වරටය. මෙම තරගාවලියේද ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම විසින් මහජන චීනය, වෙනිසියුලාව, උතුරු කොරියාව සහ ලෙබනන් රාජ්‍ය සමග තරග වදිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

‘බී’ කොටසේ ප්‍රථම තරගයේදී මහජන චීන කණ්ඩායම තරග වට 3-1 කින්ද උතුරු කොරියානු කණ්ඩායම තරග වට 3-0 කින්ද පරාජය කළ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා පිරිමි වොලිබොල් කණ්ඩායම ලෙබනන් කණ්ඩායම තරග තරගයද වට 3-0 කින් පහසුවෙන් ජයගත්තේය. එහෙත් තියුණු තරගයකින් පසු වෙනිසියුලානු කණ්ඩායම වෙතින් තරග වට 3-2 ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘බී’ කොටසේ ශූරයින් ලෙසිනි. එහි අනුශූරතාවය මහජන චීනය හිමිකරගෙන සිටියි. ‘ඒ’ කොටසේ ශූරතාවය ඉරානය විසින්ද අනුශූරතාවය දකුණු කොරියාව විසින්ද හිමිකරගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට ප.ව. 7.00 ට ඉරානයේ ටෙහෙරාන් නුවරදී දකුණු කොරියාව සමග දෙවන අවසන් පූර්ව තරගයට මුහුණ දෙයි. පළමු අවසන් පූර්ව තරගය ඉරානය සහ මහජන චීනය අතර පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 5.00 ට පැවැත්වේ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායමේ නායකයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මොරිස් චාමින්ද කටයුතු කරයි. ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සමන් චන්ද්‍රනාත්ද සහායක පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජගත් සේනාධීරද කටයුතු කරති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.