Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට

ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ආසියානු දැල්පන්දු තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල ලකුණු 55 - 46 ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ  අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය. අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හිදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියටද ශ්‍රී ලංකා පිල සුදුසුකම් ලබාගත්තේය. 
 
අද පැවැති අනෙක් අවසන් පූර්ව තරගයෙන් මැලේසියාව ලකුනු 51-43 ක් වශයෙන් පරදවමින් සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 
 
ආසියානු ශූරතාවලියේ අවසන් මහ තරගය අද (09දා) ශ්‍රී ලංකාව සහ  සිංගප්පූරුව අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතය. 
 
 
ශ්‍රී ලංකා-හොංකොං තරගයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා  කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හොං කොං ක්‍රීඩිකාවෝ එම කාර්තුව  ජයගත්තේ ලකුණු 14-13 ක් ලෙසිනි.  කෙසේ වෙතත් දෙවැනි කාර්තුවේදී සුපුරුදු රිද්මයට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි කාර්තුව ජයගත්තේ ලකුණු 04 ක පරතරයක් සමගින් ලකුණු 15-10 ක් වශයෙනි. දෙවැනි කාර්තුව නිමාවෙද්දී මුලු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 28-24 ක් ලෙසිනි. 
 
මෙහිදී නායක චතුරංගි ජයසූරිය සහ ගයනි දිසානායකගේ දක්ෂතා කැපීපෙනුනි.
 
තෙවැනි කාර්තුවේදී වඩාත් තරගකාරීව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුව ජයගත්තේ ලකුනු 12-10 ක් වශයෙනි. එම කාර්තුව අවසන් වෙද්දී සමස්ත ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 40-34 ක් වශයෙන් ශ්‍රී ලංකාව පෙරමුණේ තබමිනි. 
 
කෙසෙවෙතත් ජයග්‍රාහී මානසිකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වැනි කාර්තුවේදී හොං කොං ක්‍රීඩිකාවන්ට ලකුනු 12 ක් ලබාදී ඔවුන්ගෙන් ලකුනු 15 ක් උදුරා ගත්තේ 09 වැනි වරටත් ආසියානු දැල්පන්දු තරගාවලියක අවසන් මහා තරගයට පැමිනෙමිනි.    
 
 
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගය දක්වා පැමිණි ආකාරය
 
මූලික වටය 
චීන තායිපේ  ලකුණු 137-05 ක් ලෙස පරාජය කරන ලදි. (37-02, 37-00, 32-01 සහ 31-02)
ඉන්දියාව ලකුණු 101-29 ක් ලෙස ලෙස පරාජය කරන ලදි.  (26-08, 33-04, 20-07 සහ 22-10) 
 
කුසලාන වටයේ සුපිරි කණ්ඩායම් හතර අතර තරග 
සිංගප්පූරුව ලකුණු 58-37 ක් ලෙස ලෙස පරාජය කරන ලදි. (18-12, 19-16, 21-14 සහ 16-19)
මැලේසියාව ලකුණු  62-59ක් ලෙස ලෙස පරාජය කරන ලදි.  (13-15, 19-12, 16-15 සහ 14-17) 
හොං කොං ලකුණු  71-48 ක් ලෙස ලෙස පරාජය කරන ලදි.  ( 18-13, 21-12, 15-10 සහ 17-13) 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.