Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු බේස්බෝල් සම්මේලනය 12 වැනි වරටත් සංධානය කළ වයස 18 න් පහළ ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ 5 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
රටවල් 8 ක සහභාගීත්වයෙන් ජපානයේ මියසාකි නුවරදී පැවැතිමෙම තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට කොරියාව සමත් වූ අතර චීන තායිපේ කණ්ඩායමට එහි රිදී පදක්කමද, සත්කාරක ජපානයට එහි ලෝකඩ පදක්කමද හිමිවිය.
මූලික වටයේදී සහභාගි වූ තරග තුනේදී කොරියාව හමුවේ ලකුණු 15-0 ක් ලෙසද, ජපානය හමුවේ 15-0 ක් ලෙසද පරාජයට පත් වූ ශ්‍රී ලංකාව, හොං කොං රාජ්‍යයට එරෙහිව ලකුණු 17-1 ක ජයක් ලැබීය.
දෙවැනි වටයේදී ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 15-14 ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකාව, නැවත වරක් ලකුණු 11-1 ක් ලෙස හොං කොං රාජ්‍යය පරාජය කරමින් තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනිත් කවීෂ තරගාවලියේ දක්ෂතම ඩී.එච්. ක්‍රීඩකයා ලෙසත්, ලක්ෂාන් හේරත් තරගාවලියේ දක්ෂතම බේස් අතර දිවයන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.