Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසට
ඩේවිස් කුසලාන

ශ්‍රී ලංකාව ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසට

editorial - 2022 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය IV වැනි කොටසේ ශූරයන් බවට පත්වෙමින් ලබන වසරේදී (2023) ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටස යටතේ තරග වැදීමට ශ්‍රී ලංකාව අවස්ථාව උදාකර ගත්තේය.

‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග 3-0 ක් ලෙස බංග්ලාදේශය සහ කිරිගිස්ථානය පරාජය කරමින් එම ‍කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. ඉන් අනතුරුව ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත් ඉරාකයට එරෙහිව තරග 2-0 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසට උසස්වීමක් ලැබීය.

ඉරාකය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ මූලික වටයේදී මාලදිවයින සහ බෘනායි තරග 3-0 ක් ලෙසද, යේමනය තරග 2-1 ක් ලෙසද පරාජය කරමිනි. කෙසේ වුවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජය හේතුවෙන් ඉරාකයට ලබන වසරේදීත් ආසියා ශාන්තිකර කලාපීය IV වැනි කොටස යටතේම තරග වැදීමට සිදු විය.

ශ්‍රී ලංකාව සහ ඉරාකය අතර පැවැති තරගවාරය ‍කේවල තරග 2 කින් සහ යුගල තරගයකින් සමන්විත වුවද, කේවල තරග 2 ජයගැනීමට ‍ශ්‍රී ලංකාව සමත් වීම හේතුවෙන් යුගල තරගය නොපවත්වාම අත්හැර දැමිණ. හර්ෂණ ගොඩමාන්න සහ යසිත ද සිල්වා කේවල තරගවලදී ශ්‍රී ලංකා වෙනුවෙන් ජයග්‍රහණ වාර්තා කළහ.

 

තරග ප්‍රතිඵල
යසිත ද සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස අබ්දුල්ලා අලී හටේම් (ඉරාකය) පරාපය කරන ලදි. (6/4, 6/2)
හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස අදෙල් මුස්තාෆා (ඉරාකය) පරාපය කරන ලදි. (6/3, 6/2)


අදහස් (0)

ශ්‍රී ලංකාව ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.