Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්වේ අද (26 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී ඉන්දුනීසියාවට එරෙහිව ගෝල 3-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එහිදී ඉෂංක කුමාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල 2 ක් ලබාගත් අතර සඳරුවන් ප්‍රියලංකද ගෝලයක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයීය.
‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව මින් පෙර පැවැති තරග වලදී ජපානය හමුවේ ගෝල 11-0 ක් ලෙසද, කොරියාව හමුවේ ගෝල 8-0 ක් ලෙසද පරාජයට පත් වූ අතර හොං කොං දේශයට එරෙහිව පැවැති තරගයෙන් ගෝල 4-1 ක් ලෙස ජය ලැබීය.
මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය අනිද්දා (28 වැනිදා) ඉන්දියාව එරෙහිව පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.