Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී පළඟ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. පළඟ ශූරතා අවසන් තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 43-7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.
ඉන්චියොන් නුවර නැම්ඩොන්ග් ආසියාඞ් රග්බි ක්‍රීඩාංගණයේ දී අද (24 වැනිදා) නිමාවට පත්වූ මේ තරගාවලියේ පළඟ ශූරතා අවසන් තරගයේ දී උත්සාහක දිනුම් 7 ක් තැබිමට සමත්වූ ශ්‍රී ලංකා පිල ඉන් උත්සාහක දිනුම් 4 ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හිරන්ත පෙරේරා උත්සාහක දිනුම් 2ක් තැබූ අතර තරින්ද රත්වත්ත, දනූෂ දයාන්, ජේසන් දිසානායක, ධනුෂ්ක රන්ජන් සහ සුදම් සූරියආරච්චි එක් උත්සාහක දිනුම බැගින් තැබූහ. ඉන් උත්සාහක දිනුම් 2 ක් චානක චන්දිමාල් විසින් ගෝල බවට ප්‍රවර්ථනය කළ අතර තරින්ද රත්වත්ත සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර එක් උත්සාහක දිනුම බැගින් ගෝල බවට ප්‍රවර්ථනය කළහ.
මීට පෙර හොංකොං හී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියරේ තරගාවලියේදිත් පළඟ ශූරතාව දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනි.
මේ අතර තායිලන්තයට එරෙහිව ලකුණු 24-12 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමත් පළඟ ශූරතාව අත්කර ගත්තේය. අයේෂා කළුආරච්චි, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි සහ දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිනුම් තැබීමට සමත්වූ අතර අයේෂා කළුආරච්චි සහ තනූජා වීරක්කොඩි එක් උත්සාහක දිනුම බැගින් ගෝල බවට ප්‍රවර්ථනය කළහ.
චීනයට එරෙහිව ලකුණු 19-14 ක ජයක් වාර්තා කළ ජපානය මෙවර තරගාවලියේ කාන්තා රග්බි කිරුළ දිනාගත් අතර ජපානයට එරෙහිව ලකුණු 17-12 ක ජයක් වාර්තා කළ සත්කාරක දකුණු කොරියාව පිරිමි තරගාවලියේ කුසලානය අත්කර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.