Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ තරගාවලියට ගිය ශ්රී ලංකා ක්රීඩකයෝ බුලවායෝ නුවරදී අද (02 වැනිදා) පැවැති තරගයේදී සිම්බාබ්වේ පිල පරාජය කරමින් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ප්රසාද ලකුණු 08 ක් හිමිකරගෙන සිටින ශ්රී ලංකා කණ්ඩායම ලබන ඔක්තෝබරයේදී පැවැත්වෙන ප්රධාන තරගාවලියේ දොරටුව අබියසටම පැමිණ සිටී.
සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමට මෙන්ම සිමබාබ්වේ පිලටද තවත් තරගයක් බැගින් ඉතිරිව තිබේ. ස්කොට්ලන්ත පිලට තරග දෙකක් ඉතිරිව තිබේ. එසේ වූවත්, මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම සතු ූ1.817 ක් වන ශුද්ධ ලකුණු වේගය නිසා ප්රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වැඩි අවස්ථාවක් ශ්රී ලංකා පිල සතුව තිබේ.
අද තරගයේදී ලකුණු 166 ක ඉලක්කයක් කරා ගිය ශ්රී ලංකා පිතිකරුවෝ, ඕවර 33.1 කදී අපේක්ෂිත ඉලක්කය පසුකර ගියහ. පැතුම් නිස්සංක, පන්දු 102 කදී, හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් ලබාගත්තේය. පැතුම් සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (30) දෙදෙනා අතර පැවැති පළමු වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 103 කි.
දිමුත් දැවී යාමෙන් පසුව පැමිණි කුසල් මෙන්ඩිස් සහ නිස්සංක එක්ව ඕවර 16.5 ක් ඉතිරිව තිබියදී ශ්රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තේය.
ඩිල්ෂාන් මධුශංකගේ (15/3) ආරම්භයත්, මහීෂ් තීක්ෂණගේ (25/4) පන්දු යැවීමත් හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165 කට දැවී ගියේය. පන්දු 57 කින් ලකුණු 56 ක් ලබාගත් ෂෝන් විලියම්ස් ශ්රී ලංකා පන්දු යවන්නන් හමුවේ අභීත පිතිහරඹයක යෙදෙමින් තම කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය.
නව පන්දුව බාරගත් වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක පන්දු 19 ක් ඇතුළතදී සිම්බාබ්වේ පිලේ ප්රබලතම පිතිකරුවන් තිදෙනාවම ආපසු ක්රීඩාගාරයට යැවීය. එතැනින් අගලට ඇද වැටුණු සත්කාරකයන්ට මහීෂ් තීක්ෂණගෙන් වැදුණේ මරු පහරකි. පන්දු 32 ක් ඇතුළත සිම්බාබ්වේ ලකුණු පුවරුව 127/4 සිට 144/7 ක් දක්වා වෙනස් කළ තීක්ෂණ, සිම්බාබ්වේ මැද පෙළ පිතිකරුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූයෙන්, මතීෂ පතිරණට ඉතිරිව තිබුණේ පහසු කාර්යයකි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.