Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියේ සිවුවැනි ස්ථානය අත්කර ගැනීමට ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල අද (24 වැනිදා) සමත් විය. තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (24) තෙවැනි ස්ථානය සදහා පැවැති තරගයේදී ශ්‍රී ලකා පිල ලකුණු 12-42 ක් ලෙස ජපානය හමුවේ පරාජයට පත්විය.
අද පෙරවරුවේ දී පැවැති කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 21-0 කින් ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. පළමු වටයේ තරග දෙකේදී චීනය සහ චීන තායිපේ කණ්ඩායම් පරාජය කරමින් කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය.
කුසලාන ශූරතා අවසන් මහ තරගයට දකුණු කොරියාව සහ හොං කොං කණ්ඩායම් සුසුදුකම් ලබා සිටියේය.
මෙම තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගත්තේය. පළඟ කුසලාන අවසන් මහ තරගයේදී ලකුණු 19-14 කින් තායිලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල පළමු වටයේ තරග තුනම පරාජයට පත්වීම නිසා පළඟ ශූරතාව වෙනුවෙන් තරග කිරීමට වැටුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.