Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව සිවුවැනි තැනටම

ශ්‍රී ලංකාව සිවුවැනි තැනටම

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු කළාපීය සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස මැලේසියාවේදී අද (07) අවසන් වූ මැලේසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ද ශ්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය. හොං කොංහිදී පැවැති මෙම තරගමාලාවේ පළමු අදියරේදීත් ශ්‍රී ලංකා පිල සිව්වැනි ස්ථානයට පත්විය.

අද පැවැති අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 7-10 ක් ලෙස පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකා පිලට තෙවැනි ස්ථානය සඳහා තරග කිරීමට සිදුවූ අතර පස්වරුවේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 26-14 කින් දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්වූයේය.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අද පෙරවරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 28-7 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසුණහ.

තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (06) පැවැති පළමු වටයේ තරග දෙකේදී ශ්‍රී ලංකා පිල ලකුණු 33-22 කින් චීනය ද, ලකුණු 38-17 කින් කසකස්තානය අද පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.

 

- 048


අදහස් (0)

ශ්‍රී ලංකාව සිවුවැනි තැනටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.