Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන 17 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියට සහභාගී වී සිටින ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ තරගයකදී ඉන්දියාව හමුවේ වට 3 -0 ක පරාජයක් ලැබීය.
ලකුණු 25-17, 25-22 සහ 25-17 පරිදි මෙහිදී ශී‍්‍රි ලංකාව පරාජයට පත් විය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජයට පත් කිරීමට ඉන්දියාව සමත් වන්නේ දකුණු ආසියානු (සාග්) ක‍්‍රීඩා උළෙල පෙනෙන තෙක් මානයේ තිබියදීය.
ඉන්දියාවේ අසෑම් ප‍්‍රාන්තයේදී ලබන ජනවාරි 10 වැනිදා ආරම්භවන සාග් ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා බවට පත්ව සිටින්නේද ඉන්දියාවයි.
ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම් ක‍්‍රීඩකයින් මෙම තරගයේදී අපේක්ෂිත දස්කම් පළ නොකළ බවයි.
තරගාවලියේ මුලික වටයේ අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ජපානය හමුවේ වට 3-1 ක පරාජයක් ලැබීය. කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ප‍්‍රබල ජපන් කණ්ඩායම තෙවැනි වටයේදී පරාජයට පත් කිරීමද කැපී පෙනේ.
ලකුණු 25/16, 21/25, 25/16, 25/ 20, ක් පරිදි ශ්‍රී ලංකාව ජපානයට පරාජය විය.
තරගාවලියේ නවතම තත්ත්වය අනුව ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය අතර ස්ථානයක් ලැබීම සඳහා තරග වදිනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව අද (05) තුර්කමෙනිස්ථානයට එරෙහිව තවත් ශ්‍රේණිගත කිරීමේ තරගයකට සහභාගී වේ.
සත්කාරක ඉරානයද ඇතුළුව චීනය, කටාර්, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය, චීන තායිපේ සහ ඕස්ටේ‍්‍රලියාව යන රටවල් මෙවර තරගාවලියේ සුපිරි අවසන් වටයට තේරී සිටිති.
ශ්‍රී ලංකාව සුපිරි අවසන් වටයට පිවිසීමට සමත් වු එකම අවස්ථාව වාර්තා වන්නේ වසර 2001 දීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.