Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන ජනවාරියේ බ්‍රිස්බේන් නුවර ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය දිවා/රාත්‍රි ටෙස්ට් තරගයක් බව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ වසර අග භාගයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව තිබ ඇඩිලේඞ් ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයක් කිරීමට ඉන්දියාව අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
“දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට සහභාගී වීමට සූදානම් නැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට දැනුම් දීලා තියෙනවා” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිතයෙක් පැවසීය.
“අපි දන්නවා ඇඩිලේඞ්හි වෙසෙන ක්‍රිකට් රසිකයන් මේ ටෙස්ට් තරගය නොපැවැත්වීම සම්බන්ධයෙන් යම් කණස්සල්ලකට පත් වෙනවා කියලා. නමුත් අපට අවශ්‍ය මේ දෙසැම්බරයේ ඉන්දියාව සමග ටෙස්ට් තරගයක් පැවැත්වීමයි”
“ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරිම සදහා අපේ අඛණ්ඩ අවධානය යොමු කරන බවත් අඩුම තරමේ අප රට තුල පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සදහා එක් දිවා/රාත්‍රී තරගයක් හෝ පැවැත්වීමට අපි කටයුතු යොදනවා...
එසේම ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග ගැබාහී පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ගැන අපි සතුටට පත් වෙනවා” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ කොන්දේසි වලට අනුව සංචාරක රටෙහි එකඟත්වය මත දිවා/රාත්‍රි තරගයක් පැවැත්විය හැකිය. නමුත් ඉන්දියාව මෙවර කැමැත්ත පළ කර ඇත්තේ සම්ප්‍රදායික දිවා ටෙස්ට් තරග සදහා පමණි.
ඕස්ට්‍රේලියාව 2015 වර්ෂයේ පැවති මංගල දිවා/රාත්‍රී ටෙස්ට් තරගය ඇතුලුව මෙතෙක් ක්‍රිඩා කර ඇති දිවා/ රාත්‍රී ටෙස්ට් තරග 4 ම ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකාවද මෙතෙක් සහභාගි වී ඇති එකම දිවා/රාත්‍රී ටෙස්ට් තරගය (පාකිස්තානයට එරෙහිව) ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතය.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.