Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට පරාජයෙන් ගැලවීමේ අපේක්‍ෂා

ශ්‍රී ලංකාවට පරාජයෙන් ගැලවීමේ අපේක්‍ෂා

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු තරගයේදී ලකුණු 45 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය පරාජය වීමෙන් වැලකී සිටීමේ බලාපොරොත්තුවෙන් හෙට (5 වැනිදා) තවුරංගාහිදී දෙවැනි තරගයට පිවිසෙනු ඇත. එක්දින තරගාවලියෙන් පරාජය නොවී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයගත යුතුව තිබේ.

තරගාවලියේ පළමු තරගය ලකුණු 45 කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.  

පළමු තරගයට සහභාගි වූ නවසීලන්ත කණ්ඩායම කිසිදු වෙනස්කමකින් තොරව හෙට තරගයට සහභාගි වීමට බොහෝ ඉඩ කඩ ඇති අතර හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.

පළමු තරගයේදී පිතිකරුවන් ලෙස ආසාර්ථ වූ හිටපු නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට හෙට තරගයේදී ධනංජය ද සිල්වා හෝ සධීර සමරවික්‍රමද, තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න වෙනුවට දසුන් ශානකද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් ව සිටි නමුත් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. එබැවින් හෙට තරගයේදී ඔවුන් දෙදෙනාගෙන් අයෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ අවස්ථාවක් පවතින බවද වාර්තා වේ.

එසේ වුවහොත් අතිරේක පිතිකරුවකුට හෝ තවත් වේග පන්දු යවන්නකුට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව උදාවනු ඇත. එම අවස්ථාව වේග පන්දු යවන්නකුට හිමිවන්නේ නම් ඒ සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරය.

එළඹෙන ජූනි මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 9 කටද, නවසීලන්ත කණ්ඩායම එක්දින තරග 10 කටද සහභාගී වීමට නියමිතය.


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට පරාජයෙන් ගැලවීමේ අපේක්‍ෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.